“තමුසෙ නොඉන්න අක්කෙ, අපි මැරිච්ච තැන්වල මෙලහකට රූස්ස ගස් හැදිල” - දිවියට විශේෂ වූ සහෝදරිය ගැන කසුන් තැබූ සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

“තමුසෙ නොඉන්න අක්කෙ, අපි මැරිච්ච තැන්වල මෙලහකට රූස්ස ගස් හැදිල” - දිවියට විශේෂ වූ සහෝදරිය ගැන කසුන් තැබූ සටහන (PHOTOS)

“තමුසෙ නොඉන්න අක්කෙ, අපි මැරිච්ච තැන්වල මෙලහකට රූස්ස ගස් හැදිල” - දිවියට විශේෂ වූ සහෝදරිය ගැන කසුන් තැබූ සටහන (PHOTOS)

කසුන් මහේන්ද්‍ර හීනටිගල..

 

අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක් විදිහට.. 

 

අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනී මාධවීගේ පෙම්වතා වන කසුන් ගැන බොහෝ දෙනෙක් දන්නේ අන්න ඒ විදිහට..

 

 

කසුන් - මාධවී ආදර කතාව එහෙම දිව යද්දී අද කසුන්ගේ මුහුණු පොතේ තවත් විශේෂ සටහනක් දැකගන්න පුළුවන් වුණා.. ඒ ඔහුගේ අක්කා වෙනුවෙන් පළ වුණ උපන්දින සුබපැතුමක්...

 

 

ඒ දෙන්නාගේ බැඳීම හරිම වෙනස් එකක්.. මොන තරම් වයසට ගියත් , මොන තරම් දේවල් වෙනස්වුණත් තවමත් ඒ ආදරණීය බැඳීම හරි පුදුමාකාරයි.. මෙන්න ඒ ගැන ඔහු එක්කළ සටහන..

 

''මජිඩ් මජිඩිගෙ ෆිල්ම් එකක් තියෙනව 'Children of Heaven' කියල. ඒ කතාවෙ, තමන්ගෙ සහෝදරීගෙ සපත්තු කුට්ටම අලුත්වැඩියා කරන්න ගෙනියද්දි 'අලි' කියන සහෝදරයා අතින් ඒක අස්ථානගත වෙනවා. ඊටපස්සෙ කතාව ඉවර වෙනකල්ම තියෙන්නෙ අලුත් සපත්තු කුට්ටමක් අසරණ සහෝදරීට අරං දෙන්න අලි මහන්සිවෙන මහන්සිවිල්ල !

 

තමුසෙ නොහිටින්න මගේ සපත්තු කුට්ටමත් අතුරුදහන් වෙලා හුඟක් කල්. මගේ කතාවෙ තමුසෙ තමයි අර කතාවෙ 'අලි.' මං උගෙ 'නංගි.' පොඩි කාලෙම මගෙ 'ජීවිතේ සපත්තු කුට්ටම' නැති වුණාම මං වෙනුවෙන් දිවා රෑ නොබල මහන්සි වෙවී අලුත් කකුල් දෙකක් දිවිහිමියෙන් හෙව්වෙ තමුසෙ ඕයි. ඒ දෙපයින් තමයි මං මුලින්ම හයියට හිටගත්තෙ. තාත්තට රස්සාවක් නොතිබිච්ච හුඟක් කාලවල තමුසෙ නොඉන්න අක්කෙ, ඒ කාලෙ අපි මැරිච්ච තැන්වල මෙලහකට රූස්ස ගස් හැදිල.

 

මගේ එක කුස උපන් ආන් ඒ යකඩ සහෝදරීට සුබ උපන් දවසක් වේවා !

 

කසුන් මහේන්ද්‍ර හීනටිගල''

 

 

 

views

1029 Views

Comments

arrow-up