“මට දැන් සැප ජීවිතයක් තියෙනවා, රඟපාන එක දුකක්” - ශලනි තාරකා (PHOTOS)

ශලනි තාරකා කියන්නෙ, අපේ රටේ පුංචි තිරයට පායපු සැබෑම තාරකාවක් කිව්වොත් නිවැරදියි. තමන්ගෙ අති දක්ෂ රංගන විලාශය නිසා, ශලනි ඉමහත් ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වුණා. හැබැයි විවාහයෙන් පස්සෙ ශලනිගෙ කලා කටයුතු සීමා වෙලා කියලා තමයි පේන්න තියෙන්නෙ.
පහුගිය දවසක පැවැත්වුණු රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රියෙන් අනතුරුව යූ ටියුබ් නාලිකාවකින් කළ විමසීමකදි ශලනි මේකට උත්තර දීලා තිබුණා. අනාගත කලා කටයුතු කොහොම වෙයිද කියලා විමසපු අවස්ථාවෙදි ඒකට ශලනි දුන්නෙ මෙහෙම ප්‍රතිචාරයක්.
"කලා කටයුතු ගොඩක් සීමා වෙයි. මං මේ ලංකාවට ආවෙ භාරගත්ත වැඩකටයුතු ටිකක් ඉවර කරන්න. ඉදිරියේදී හරිම සීමිත ප්‍රමාණයක්, තෝරා - බේරාගත්ත හොඳම කියන දේවල් ටිකක් විතරක් කෙරෙයි කාලෙත් එක්ක.
රඟපානවා කියන එක ලේසි නෑ, දුකක්. ඇත්තටම මාර කට්ටක්. එච්චර කට්ටක් කන්න ඕන නෑ මට දැන් සැප ජීවිතයක් තියෙනවා. ඉතිං ඒ සැප ජීවිතේ අත්හැරලා මං ආපහු දුක විඳින්න ආවෙ මගෙ වෘත්තියට මං තාමත් ගරු කරනවා, මං ඒකට අවංක නිසා. මම මගේ නිර්මාණ වෙනුවෙන් අවංකව වැඩ කරන කෙනෙක්."
ඉතිං, ශලනිගේ ඉදිරි කලා කටයුතුවලටයි ඉදිරි ජීවිතයටයි, අපි සුබ පැතුම් එක් කරනවා..!
26746 Views
Comments