“අම්මි බයවෙලා කෑගගහ අඬනවා. කොළඹ පාරවල් පට්ට පාළුයි” - ජීවිතේ අමතක නොවන සිදුවීමක් ගැන මතක් කල සුජීව ප්‍රසන්න ආරච්චි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

“අම්මි බයවෙලා කෑගගහ අඬනවා. කොළඹ පාරවල් පට්ට පාළුයි” - ජීවිතේ අමතක නොවන සිදුවීමක් ගැන මතක් කල සුජීව ප්‍රසන්න ආරච්චි (PHOTOS)

“අම්මි බයවෙලා කෑගගහ අඬනවා. කොළඹ පාරවල් පට්ට පාළුයි” - ජීවිතේ අමතක නොවන සිදුවීමක් ගැන මතක් කල සුජීව ප්‍රසන්න ආරච්චි (PHOTOS)

මිනිස්සුන්ගෙ ජීවිතවල තියෙනවා කවදාවත් අමතක නොවන, බය සහ සතුට එකට මුහුවුණු අරුම පුදුම අත්දැකීම්.

 

ඒ මොහොතට බයක් හිතට ආවට මොකද, ඇත්තටම ඒවා සුබ ආරංචි.

 

දරුවෙක් මේ ලෝකෙට එන්න නියමිත දවස අන්න ඒ වගේ එකක්.

 

දින දුන්නු දවසට කලින් අම්මටයි තාත්තටයි මේ අත්දැකීමට මුහුණදෙන්න වෙනවා නම්....

 

යුගයේ ආදරණීයම, ජනප්‍රියම නවකතාකරු සුජීව ප්‍රසන්න ආරච්චි සහ ඔහුගේ ආදරණීය බිරිඳ මධාරා වඩුගේ දෙපළ, දියණිය දෙව්මිණිගේ උපත දා එවන් අනපේක්ෂිත අත්දැකීමට මුහුණ දීලා.

 

 

මේ, ඇයගේ උපන්දිනය දා සුජීව ප්‍රසන්න ආරච්චි අවදි කළ ඒ මතකය...

 

''දින දීලා තිබුනේ මැයි දෙවෙනිදාට.

අපි ඉතින් 15 වෙනිදා දවල් පුංචි අවුරුදු පාටියක් දාලා උන්නේ.

හොඳ කහ බත් මතේ පාවෙවී අම්මිත් උන්නේ. බෑම කියලා වටලප්පම් කප් දෙකකුත් කෑවා.

බඩත් උස්සගෙන කාමරේට අද්ද අද්ද ගියේ ඇඳේ ඇලවෙන්න කියලයි මම හිතුවේ.

ඇඩුම ආවේ 15 වෙනිදා දවල් දෙකට විතර.

මම දුවගෙන ආවා. එනකොට ඉතින් කතන්දරේ වෙලා.

ඔයා අවුරැද්දට ගෙදර එන්නෝනම කියලා හිතාගෙනම අම්මිගේ වෝටර් බෑග් එකට ෂොට් එක දීලා.

අම්මි බයවෙලා කෑගගහ අඩනවා. මධුරි සාජන් එකේ අඩපු විදිහටම තමයි ඇඩුවේ.

ඉතින් ලෑස්ති කරගෙන උන්න හැමදේම අමතක කරලා අම්මිවත් දාගෙන ආවා හොස්පිට්ල් එකට.

ඊයේ වගේ තමයි. කොළඹ පාරවල් පට්ට පාළුයි.

එනකොට අපේ ඩොක්ටර් අවුරැදු ලීව් ගිහින්. එයා උන්නේ ඇල්ලෙද කොහෙද.

ඒත් ඉතින් වටේම පණිවිඩ ගහලා අපි ගෙන්නගත්තා ඩොක්ටර්ව.

16 වෙනිදා එයා අපිට ඔයාව අරන් දුන්නා. අපේ ෂයිනිං ස්ටාර්ව.

ෆෙස්ටිවල් කාලේ ඉපදුන නිසාද මන්දා ඔයාම ෆෙස්ටිවල් එකක් වගේ.

ඉතින් සුදු පුතේ හැපී බර්ත් ඩේ. අපිට තව ලස්සන සැමරුම් දෙක තුනක්වක් අරන් එන්න. ඒක අපේ විෂ් එක.

බුදු සරණයි.''

 

 

තරු රැසක් පිරිවරාගෙන දෙව්මිණි විවාහ දිවියට එළඹියේ මීට කෙටි කාලයකට ඉහත.

 

ඒ කියන්නෙ මේ ඈ මනාලියක් වූවාට පසුව ආ පළමු උපන්දිනය...

 

''අද..ඔයා මනමාලියක් වුණාට පස්සේ උදාවෙන පළවෙනි උපන් දිනය…!

අලුත් ආදරයක් එක්ක ඔයා අලුතින් ඉපදුන ලස්සන කුමාරිකාවක්..!

එහෙම ආදරයක් එක්ක අලුත ඉපදුන ඔයාව මුළින්ම අතට ගත්ත දවස අද වාගේම මටයි තාත්තිටයි මතකයි..!

ඒ කාලය ගලාගෙන ගියේ කොහොමද කියලයි අපිත් තාම හිතන්නේ….

ඉතින් සුදු පුතේ, අද වාගේ දවසක ඔයා වෙනුවෙන් තවත් පතන්න පැතුමක් තියෙනවාද කියලත් හිතෙනවා…

මොකද ඔයාගේ ජීවිතයම වෙනුවෙන් පැතුම් පතල පතලා ඒ පැතුම් සියල්ල පහන් පොකුරක් කරලයි අපි ඔයාගේ ලස්සන වෙඩින් එක කළේ.

ඔයාගේ අහිංසක ආදරයත් එක්ක උදාවෙන මේ උපන් දිනයේදී අපි පතන්නේ ඔයාගේ ජීවිතය තවත් තරු පායලා බැබලෙන්න කියලයි.

අපේ කූඩුව පැත්තකින් තවත් පොකුරු පැටව් කූඩු වැල් එල්ලෙන දාකට, ඔයා ආයෙත් වතාවක් උපදියි.

මොකද අම්මා කෙනෙක් ලෙස මම ඔයාගේ උපතත් එක්ක අලුතින් ඉපදුන නිසා…

ඔයාට බුදු සරණයි…! හැමදාමත් වගේ අපේ අහසේ දිලෙන තරුවම වෙන්න..!''

 

 

views

332 Views

Comments

arrow-up