හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ පුත්‍රයාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයේ ඡායාරූප එකතුව (PHOTOS)

මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න සහ ඔහුගේ ආදරණීය බිරිඳ අප්සාරි අලුත් අවුරුද්ද පටන් අරන් තිබුණෙ මංගල කටයුත්තකින්.
ඒ වෙනින් කාගෙවත් නෙවෙයි, ඔවුන්ගේ දෙවෙනි පුතාගේ විවාහ ගිවිස ගැනීමත් එක්ක.
ඊයේ තමයි විවාහ ගිවිස ගැනීම සිදුවෙලා තිබුණෙ. ඒ, කන්ද උඩරටදී.
ඒ සුබ කටයුත්ත ගැන කාටත් කියන්න අප්සාරි සිය මුහුණු පොතේ මෙන්න මෙහෙම සටහනක් තබා තිබුණා ඡායාරූපයක් එක්කම.
මේ වසර තිලකරත්න පවුලට මංගල නැකැත් වැඩිපුර යෙදුණු සුබ වසරක් කිව්වොත් හරි.
මොකද හෂාන් - අප්සාරි යුවළගේ ලොකු පුතාගේ විවාහය සිදු වුණේත් මේ වසර මුලදි.
ඔන්න ඉතින් ඒ නව යුවළත් මෙදා සැරේ අවුරුදු සමරන්න එක්කාසු වෙලා උන්නු අයුරු මේ විදියට අපිට දැකගන්න ලැබුණා.
18968 Views
Comments