කලාකරුවන්ගේ උපන්දින අමතක නොකර ආදරණීය සුබපැතුම් අරන් එන දයාන් විතාරණයන්ට දැන් අවුරුදු 62ක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

කලාකරුවන්ගේ උපන්දින අමතක නොකර ආදරණීය සුබපැතුම් අරන් එන දයාන් විතාරණයන්ට දැන් අවුරුදු 62ක් (PHOTOS)

කලාකරුවන්ගේ උපන්දින අමතක නොකර ආදරණීය සුබපැතුම් අරන් එන දයාන් විතාරණයන්ට දැන් අවුරුදු 62ක් (PHOTOS)

ඔහුට 62ක් !

 

දයාන් විතාරණයන් කියන්නෙ කලාගාරයක්.

 

ඔහු ළඟ තියෙනවා හරි අපූරු ඡායාරූප එකතුවක්. කලාකරුවන්ගේ පැරණිම ඡායාරූප පවා ඔහු ළඟ සුරක්ෂිතයි.

 

ඡායාරූප විතරක් නෙවෙයි, කලාකරුවන්ගේ තොරතුරු 'නිවැරදිව' දැනගන්න නම් ඊට සුදුසුම පුද්ගලයා වන්නේත් ඔහුයි.

 

මෙරට කලාකරුවන්ගේ උපන්දින එකක්වත් ඔහුගෙන් මඟෑරෙන්නෙ නෑ.

 

ප්‍රවීණ ,නවක භේදයකින් තොරවම දයාන් ඔවුන් වෙනුවෙන් දීර්ඝ විස්තරයක් සහිතව සැලකිය යුතු සුන්දර සේයා රූ එකතුවක් ද එක්කම සුබපැතුමක් එක්කාසු කරන්න අමතක කරන්නෙ නෑ.

 

ඉතින්, එහෙම කාටත් ආදරණීය සුබ පැතුම් එක්කාසු කරන ඔහුගේ උපන්දිනය අද (18)

 

62 උපන් ඔහුට අදට පිරෙනවා 62ක්. (1962 අප්‍රේල් 18)

 

 

සුබ ම සුබ වාසනාවන්ත උපන්දිනයකට ඔහුට සුබපැතුම් එකතු කරන ගමන් ම, අපේ මේ සූදානම දයාන් විතාරණ නම් සොඳුරු මිනිසා ගැන සටහනක් තැබීමට.

 

 

දයාන් විතාරණ කියන නම කලාවේ විවිධ ඉසව්වල කියවෙන නමක්.

 

ඡායාරූපකරණය ඉන් විශේෂයි.

 

එයිනුත් මංගල චායාරූපකරණයේ නම දිනූ ප්‍රවීණයෙකි, දයාන් විතාරණයන්.

 

ඔහුගේ කැමරා ඇසින් කලා තරු ඇතුළු සෑහෙන පිරිසකගේ මංගල දිනයන් හැඩවෙලා තියෙනවා.

 

විශේෂ ම කාරණය නම් ඔහුගේ ඡායාරූප නිවැරදි තාක්ෂණයෙන් යුක්ත ඒවා වීම.

 

 

ලාංකීය කලාකරුවන්ගේ අද්විතීය සේයා රූ එකතුවක් ඔහු සතු‍යි.

 

එහි වටිනාකම මෙතැකැයි කිව නොහැකියි. ඒ වගේම තමයි ඔහුගේ කැමරා කාචයට හසුනොවුණු කලාකරුවෙක් මෙරට සිනමාවේ නැති තරම්.

 

ආරම්භයේදීම සඳහන් කළ පරිදි, දයාන් විතාරණයන් කලා තරු කාගෙත් උපන්දින අමතක නොකරන්නෙකි.

 

සෑම කලාකරුවෙක්ගේම සොඳුරු සේයා රූ එකතුවක් සමඟ ලියවෙන සුබපැතුම, ඔහුගෙන් ලැබෙන උපන්දින තිළිණයක් හා සමානයි.

 

උපන්දිනයට ම විතරක් නෙවෙයි, කලාකරුවන්ගේ විශේෂ දවස් ගැනත් ඔහුගෙන් සටහනක් ලියවෙනවා.

 

 

දයාන් විතාරණයන්ට තියෙනවා, මිහිරි හඬක්. ලයාන්විත හඬක්. හැඟුම්බර හඬක්.

 

ඒ හඬට පුළුවන් හිතක් සෑහෙන දුරකට අරන් යන්න. හිත අතීතයේ අතරමං කරවන්න.

 

''සිත්තම් කරමින් මනසේ ඔබේ රුව

කවදා හෝ යළි දකින තුරා....

රැව් පිළිරැව් දී ඇසෙන ඔබේ හඬ

යළි මගේ සවනත වැකෙන තුරා...

විඳින්න දුන් ජීවිතය අරන් මම

විඳවන්නද මේ භවය පුරා....''

මේ ඊට එකම එක උදාහරණයක් විතරයි.

 

 

ජාතියේ යශෝරාවය නමින් බුහුමන් ලබන නන්දා මාලිනිය යටතේ සංගීතය හැදෑරූ ඔහුගේ ගීත එකතුව අද වන විට 500 ද ඉක්මවා ගිහින්.

 

වසත් කාලය මනරම්, පුදසුනක නිසල බව, සිත්තම් කරමින්, වැටෙන් එහා මල් පඳුරේ, ඩැෆඩිල් මලේ, ඔබෙ සුසුම් පවන් සලයි.... මේ ගීත අපේ ජීවිතවල කොටසක් හා සමයි.

 

 

දයාන් විතාරණයන්ගේ කලාව ඔහුටම අනන්‍ය වූ කලාවක්. ඡායාරූපකරණය තුළ, ගීත කලාව තුළ විතරක් ම නෙවෙයි ඔහු තෝරාගන්නා විලාසිතා පවා ඔහුට ම විශේෂයි.

 

වයස කියන්නෙ ඉලක්කමක් විතරක් ම කියන්නත් කදිම උදාහරණයකි, දයාන්.

 

ඒ තරමට ආකර්ෂණීය රූපයක් ඔහුට තියෙනවා.

 

 

ඉතින්, ලාංකීය කලාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන ඔහුගේ කැමරා ඇසින් ගත් සේයා රූ එකතුවකින් ම මේ සටහන අවසන් කරන්න අපි කල්පනා කළා.

 

එසේ නම් නැවතත් පතන්නම් ඔබට, සුබ සුව උපන්දිනයක් වේවා !

views

924 Views

Comments

arrow-up