“හීනෙන් දෙවියෙක් ඇවිත් එයා එක්ක ඉන්න කීවා” - අනියම් සැමියා එක්ක රැඟූ රැගුම් සැමියාට මාට්ටු, අවසානයේ වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

“හීනෙන් දෙවියෙක් ඇවිත් එයා එක්ක ඉන්න කීවා” - අනියම් සැමියා එක්ක රැඟූ රැගුම් සැමියාට මාට්ටු, අවසානයේ වූ දේ

“හීනෙන් දෙවියෙක් ඇවිත් එයා එක්ක ඉන්න කීවා” - අනියම් සැමියා එක්ක රැඟූ රැගුම් සැමියාට මාට්ටු, අවසානයේ වූ දේ

දේව වරමින් මැදියම් රැයේ අනියම් සැමියාගේ පහස ලැබීමට ගිය කාන්තාවක් තම සැමියාට හා අසල්වැසියන්ට හසුවීමේ පුවතක් රාජාංගණය පොලිසියෙන් වාර්තාවෙයි.

 

සිදුවීම මෙසේය.

 

සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ සැමියා දුරබැහැර ප්‍රදේශයක රැකියාව කරන අතර ඔහු මසකට වරක් නිවසට පැමිණෙන අතර එහිදී දින කිහිපයක් නිවසේ කාලය ගත කරයි.

 

යුවළට දරුවන් දෙනෙකු සිටින අතර ස්වාමියාගේ මවද මෙම නිවසේ වාසය කරයි. පසුගිය දිනක නිවසට පැමිණි සැමියා එක් දරුවෙකු සමග වෙනත් කාමරයක නිදාගෙන ඇති අතර අනෙක් දරුවා මෙම කාන්තාව සමග නිදාගෙන තිබේ.


මැදියම් රැයේ එක්වරම කාන්තාව ළඟ සිටි දරුවා හැඬීමට පටන්ගෙන ඇති අතර නිවැසියන් අවදි වී ඒ පිළිබඳව විමසුවද ඇගෙන් කිසිදු පිළිතුරක් නොමැති වීම නිසා දොර කඩා ඇතුළු වූ නිවැසියන්ට දැකගත හැකිවූයේ එම කාමරයේ විදුලි පන්දමක් දැල්වී ඇඳ මත තිබුණද ජනේලය විවෘත කර ඇය නිවසින් බැහැරවී ඇති බවයි.

 

සැමියා ගම්වැසියන් සමඟ ඇය සොයද්දී නිවෙස පිහිටි ඉඩමේ කෙළවරක සිටි අයකු යතුරු පැදියකින් පලා යනු දැක තිබේ. එම ස්ථානයට පිරිස යනවිට මෙම කාන්තාව එතැන සිට තිබේ.

 

නීත්‍යානුකූල සැමියා රාජාංගණය පොලිසියට කළ පැමිණිල්ලක් මත දෙපාර්ශ්වය කැඳවා කරුණු විමසීමේදී කාන්තාව පවසා ඇත්තේ තමන්ට සිහිනෙන් දෙවියෙකු පැමිණ අනියම් සැමියා ළඟට ගොස් පෙම්සුව විඳීමට උපදෙස් ලබාදුන් බවයි.

 

අනියම් සම්බන්ධතාවල ආදීනව පිළිබඳවත් විවාහයක් අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වටිනාකම පිළිබදවත් කරුණු වටහාදී දෙපාර්ශ්වය එක් කිරීමට රාජාංගණය පොලිසිය කටයුතු කර තිබේ.

views

148 Views

Comments

arrow-up