ජැක්සන් බලන්න ජනපති රනිලුත් යයි! - ඡායාරූප මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

ජැක්සන් බලන්න ජනපති රනිලුත් යයි! - ඡායාරූප මෙන්න

ජැක්සන් බලන්න ජනපති රනිලුත් යයි! - ඡායාරූප මෙන්න

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද(19) කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා.

 

එම අවස්ථාවේ දී රෝහල් පරිශ්‍රයේ සිටි පිරිස සමඟ ජනපතිවරයා සුහද කතාබහකද නිරත වූ බවයි වාර්තා වන්නේ.

 

රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර, ඔහුගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහාම තමන් දැනුවත් කරන ලෙස ජැක්සන් ඇන්තනීගේ බිරිඳගෙන් ඉල්ලා සිට තිබෙනවා.

 

වෛද්‍ය ප්‍රතිකාර සේම ආගමික හා ආධ්‍යාත්මික ආශිර්වාදය ද ඉතා වැදගත් බැවින් ජැක්සන් ඇන්තනීට සෙත් පතා ආගමික ආශිර්වාද වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලෙස ද, ඊට සිය උපරිම සහාය ලබාදෙන බව ද ජනාධිපතිවරයා එහිදී පොරොන්දු වී තිබෙනවා.

 

මේ අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහා පසුගිය දිනක කොළඹ ජාතික රෝහලට පැමිණ තිබුණා.

 

තවමත් මැෂින් යන්ත්‍රයක් ආධාරයෙන් ප්‍රතිකාර ලබන ජැක්සන් ඇන්තනී මහතාගේ තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවයි ඔහුගේ සොහොයුරා පසුගිය දිනක සඳහන් කර තිබුණේ.

 

ජැක්සන් ඇන්තනී මහතා ජූලි මස දෙවැනි දා රූගත කිරීමකට ගොස් ආපසු පැමිණෙන අවස්ථාවේදී අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේ දී ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරට ලක් වී තිබුණා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

196 Views

Comments

arrow-up