ජැක්සන් ඇන්තනීගේ සුව දුක් බැලීමට පැමිණි පැරණි මිතුරා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

ජැක්සන් ඇන්තනීගේ සුව දුක් බැලීමට පැමිණි පැරණි මිතුරා

ජැක්සන් ඇන්තනීගේ සුව දුක් බැලීමට පැමිණි පැරණි මිතුරා

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා හදිසි රිය අනතුරකින් බරපතළ තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

 

ජැක්සන් ඇන්තනී මහතාගේ පැරණි මිතුරෙක් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) ඔහුගේ සුවදුක් විමසීමට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

 

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා, ජැක්සන් ඇන්තනී මහතාගේ තත්ත්වය පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡා කර ඇත.

 

ජැක්සන් ඇන්තනී මහතාව සුවකර ගැනීම සඳහා කළ හැකි සෑම උපකාරයක් ම සිදුකරන බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවුලේ සාමාජිකයන්ට දැනුම් දී ඇත.

 

ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙක් ගමන්ගත් කැබ් රථයක් පසුගිය ජූලි 02 වනදා   අනුරාධපුර තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී වන අලියෙකු ගැටී අනතුරට ලක් වූ අතර එහිදී බරපතළ තුවාල ලැබූ ජැක්සන් ඇන්තනි මහතා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

 

views

233 Views

Comments

arrow-up