මෙහෙම බේරුනේ පෙර පිනකට ම තමයි - අනූ නවයෙන් බේරුණ ජීවිතය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

මෙහෙම බේරුනේ පෙර පිනකට ම තමයි - අනූ නවයෙන් බේරුණ ජීවිතය

මෙහෙම බේරුනේ පෙර පිනකට ම තමයි - අනූ නවයෙන් බේරුණ ජීවිතය

පෙර පිනක් නිසා ජීවිතය බේරුණු සිදුවීමක් පිළිබඳව අද(09) කොළඹ ටවුන් හෝල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඉදිකිරීම් ස්ථානයක යකඩ පොල්ලක් වාහනයට වැටීමෙන් එහි රියැදුරා දුර්ලභ විදිහට බේරිලා තියෙනවා.

අද උදේ 8:30 ට පමණ කොළඹ පුරහල ප්‍රසිද්ධ ඇඟලුම් වෙළෙඳ මධ්‍යස්ථානයක ඉදිකිරීම් ස්ථානය ඉදිරිපිට වාහනය නවතා තිබෙන අවස්ථාවේදී ඉදිකිරීම් ස්ථානයේ තිබූ දොඹකරයේ යකඩ බම්බුවක් තමයි මෙහෙම වැටිල තියෙන්නෙ.

පාරේ නතරකරලා තිබ්බ වාහනයට මේ බටේ වැටෙනකොට වාහනය ඉදිරිපස වීදුරුව සිදුකරගෙන රියදුරු අසුනේ වාඩිවී සිටි පුද්ගලයාගේ කකුල් දෙක මැද්දට මේක වැටුණා කියලා තමයි ආරංචිය.

මෙම අනතුරින් රියැදුරු ආසනයේ සිටි පුද්ගලයාට නම් කිසිදු ශරීර හානි සිදු වී නැහැ.

views

210 Views

Comments

arrow-up