පෝලිමට පිටින් ස්කූටරයට තෙල් ගහන්න බඩට කොට්ටයක් බැඳන් ආ කතගේ කොට්ටය බිම - අවසානයේ වූ දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

පෝලිමට පිටින් ස්කූටරයට තෙල් ගහන්න බඩට කොට්ටයක් බැඳන් ආ කතගේ කොට්ටය බිම - අවසානයේ වූ දේ මෙන්න

පෝලිමට පිටින් ස්කූටරයට තෙල් ගහන්න බඩට කොට්ටයක් බැඳන් ආ කතගේ කොට්ටය බිම - අවසානයේ වූ දේ මෙන්න

යතුරුපැදියකට ඉන්ධන ලබා ගැනීම සඳහා ගැබිනි මවක ලෙස පෙනී සිටිමින් පසුගිය දිනක බඩට කොට්ටයක් බැඳගෙන ආ කාන්තාවක් පිළිබඳ පුවතක් බිංගිරිය ඉන්ධන පිරවුම්හලකින් වාර්තාවේ. 


 
වාහනවල ඉදිරිපසින් හා පසුපසින් සවිකර ඇති අංක තහඩුවේ අවසන් ඉලක්කමට අනුව ඉන්ධන ලබාගැනීමට පසුගිය සතියේ බිංගිරිය සමුපකාර ඉන්ධන පිරවුම්හල අසල හලාවත - කුරුණෑගල මාර්ගයේ දිගු රථ වාහන පෝලිමක් දක්ණට ලැබුණි. 


 
මීට අමතරව යතුරුපැදි පෝලිමක්ද මාර්ගයේ අනෙක් පසින් වූ අතර පෝලිම නිසි පරිදි හැසිරවීමට පොලිස් නිලධාරින් කණ්ඩායමක්ද යොදවනු ලැබ සිටියහ.


 
බිංගිරිය රෝහලේ මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවක සේවිකාවන්ට සහ ගැබිනි මවුවරුන්ට හා කුඩා දරුවන් යතුරු පැදිවල නංවාගෙන සිටින කාන්තාවන්ට පෝලිමෙන් පිට ඉන්ධන ලබාගැනීමට අවසර ලබාදී තිබුණේ ඔවුන් අපහසුතාවකට ලක්වීම වැළැක්වීමේ අරමුණෙනි.


 
අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් එක් කාන්තාවක් නිවසේ සිටි අයගේද උදව් උපකාර ඇතිව බඩට කොට්ටයක් තබා බැඳගෙන යතුරුපැදියක නැගී ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හලට ආවාය. 

 

පෙනුමෙන් ඇය ගැබිනි මවක නිසා ඉන්ධන පොම්පය අසලට යාමට පොලිසියෙන්ද අවසර ලැබුණි.


 
ඉන්ධන පිරවුම්හලෙන් නිකුත් කරන ලද ඉන්ධන ප්‍රමාණය ලබාගත් අදාල කාන්තාව ප්‍රධාන මාර්ගය වෙත පිවිස සිය නිවසට යාමට යතුරුපැදිය හැරවීමට උත්සාහ කරද්දී එක් වරම බඩෙන් කොට්ටය ගැලවී බිම වැටුණි.


 
සිද්ධිය දුටු පොලිස් නිලධාරීන් කීපදෙනෙක් එතැනට පැමිණ මින් මතුවට මෙවැනි ක්‍රියා සිදු නොකරන ලෙස තරයේ අවවාද කොට කොට්ටයද රැගෙන යන ලෙස දැනුම් දුන්හ. 

 

මෙයින් ලැජ්ජාවට පත් එම කාන්තාව කොට්ටයද අහුලාගෙන රථ වාහන මැදින් යතුරුපැදිය පණ ගන්වාගෙන ඉක්මනින්ම පිටත්ව ගියාය.

views

301 Views

Comments

arrow-up