අසේකාගේ වෙඩිමට ආ චිචී හූ හඬ මැද පලා ගිහින්ලු - චිචීගෙනුත් පැහැදිලි කිරීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

අසේකාගේ වෙඩිමට ආ චිචී හූ හඬ මැද පලා ගිහින්ලු - චිචීගෙනුත් පැහැදිලි කිරීමක්

අසේකාගේ වෙඩිමට ආ චිචී හූ හඬ මැද පලා ගිහින්ලු - චිචීගෙනුත් පැහැදිලි කිරීමක්

පසුගිය දිනක කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති චන්න උපුලි දෙපලගේ දියණිය වන අසේකා විජේවර්ධනගේ විවාහ උත්සවය සඳහා මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ පැමිණ සිටි බව කියමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා.


එම සටහන පහතින්.

 

" චන්න විජේවර්ධනයන්ගේ දියණිය අසේකා සහ සිනමා නළු ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරාගේ විවාහ උත්සවය ආරාධනා ලැබ පැමිණි චිචී
සිය බිරිඳ දරුවන් දෙදෙනා සමඟ අසුන් ගන්නවාත් සමඟම එහි අසුන් ගෙන සිටි අනෙකුත් ආරාධිත අමුත්තන් චිචී සමඟ මේසයේ එකට වාඩිවීම පවා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කොට නැගිට ගිය බව පැවසේ..

 

අනතුරුව එම ස්ථානයට පැමිණි කාන්තාවක්,
“මේ හලෝ මං එංගලන්තෙ පදිංචිය , තමුන්ගෙ බාප්පට චන්දෙ දෙන්න දවස් තුනකට ටිකට් අරන් ඇවිත් ගියේ , තමුන් ඔය දාගෙන ඉන්න සපත්තු දෙක පවා අපේ සල්ලි මනුස්සයෝ..ලැජ්ජයි“ කියා උස් හඬින් බැණ වදින අතරේ 

 

එයින් උත්තේජනය ලද තවත් පුද්ගලයෙක් චිචී ලඟටම ගොස් සිය ඇඟිල්ල චිචී ගේ පපුවට තබා...
“ ලැජ්ජයි හලෝ තමුසෙලා ගැන, අපේ සල්ලි වලින් කකා බිබී ඉන්න නිකම්මු , තමුසෙලා කසාද බැන්දෙ, දරුවො හැදුවෙත් අපේ සල්ලිවලින්“ කියා බැණ වදිනවිට  තවත් විනාඩියක් වත් එම ස්ථානයේ රැඳී නොසිට මනාල යුවලට සුබ පැතීමත් පසෙක තබා එතැනින් වේගයෙන් පිටත්වුයේ  හූ හඬ මැදින් බව පැවසේ..

 

කෙසේ වුවත් අවසාන වශයෙන් ඔවුන්ට පිදූ ලෝකයම අද ඔවුනට එරෙහිව නැගී සිටීම ඇස් පනාපිටම දක්නට ලැබේ.තිස්වසරක කුරිරු යුද්ධයකින් රට ගලවා ගැනීම නිසාම ඉමහත් ගෞරවාදයට පාත්‍රවිය යුතු වුවත් අද ඔබලා වැපිරූ දේ අස්වැන්න අද ඔබලාටම නෙලා ගැනීමට සිදුව ඇත. " 

 

කෙසේ වෙතත් රෝහිත රාජපක්ෂ සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සඳහන් කර තිබුණේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි.

 

" කෙනෙකුගේ විවාහයක් අපකීර්තියට පත්කරන්න එපා බොරු දේවල් පොස්ට් කරලා.ඒක ඒ දෙන්නට කළු පැල්ලමක් ගෙන දෙන දෙයක් "  යනුවෙන්ද ඔහු සඳහන් කර තිබුණා.

 

එම පෝස්ටුව පහතින්.

 

 

views

514 Views

Comments

arrow-up