තරුණියගේ බඳින වයස එනකං මාස දහයක් විවාහ නොවී අඹු සැමියන් ලෙස ජීවත් වූ අමුතුම විදියේ චුන් පාන් දීගය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

තරුණියගේ බඳින වයස එනකං මාස දහයක් විවාහ නොවී අඹු සැමියන් ලෙස ජීවත් වූ අමුතුම විදියේ චුන් පාන් දීගය

තරුණියගේ බඳින වයස එනකං මාස දහයක් විවාහ නොවී අඹු සැමියන් ලෙස ජීවත් වූ අමුතුම විදියේ චුන් පාන් දීගය

දිනපතා චූන් පාන් රථයෙන් පාන් සහ කෑම ලබාගත් තරුණියක් මාස කිහිපයකදී ඇති කරගත් සම්බන්ධතාවක් දුර දිග යාමෙන් මාස දහයක් දීග කෑමේ පුවතක් මහවෙල පොලිසියෙන් වාර්තා විය.

 

දුෂ්කර‍ ප්‍රදේශයක පදිංචි මෙම තරුණිය අධ්‍යාපනය ලැබීමට කිලෝ මීටර් ගාණක් දුර පාසල් යාමට තිබූ නිසා කඩින් කඩ පාසල් ගොස් තිබේ. ඇයගේ මව්පියන් හේන් ගොවිතැන් කිරීම හේතුවෙන් දැරියට පාසල් යන ලෙස බල කිරීමක් කර නැති බව ගම්මුන් පවසයි.

 

වයස අවුරුදු දාසයයි මාස දහයක් වූ ඇය තම ගමට පැමිණෙන චූන් පාන් රථයෙන් දිනපතා පාන් හා බනිස් මිලදී ගැනීමට පුරුදු වී සිටි අතර අතේ මුදල් නොතිබුණත් චූන් පාන් කොලු‍වා ඇයට අවශ්‍ය පාන් හෝ බනිස් ලබාදී විනාඩි කිහිපයක් කතා කරමින් සිට යාම පුරුද්දක් කරගෙන තිබුණි.

 

මේ අයුරින් ඉතා ළඟින් ඇසුරු කිරීම නිසා උදේ සවස චූන් පාන් විකිණීමට යාමේදී ටික දිනකදී ඇගේ නිවෙසට ගොස් ඇයට අවශ්‍ය බනිස් හෝ පාන් ලබාදී එම නිවෙසින් තේ බී පැයක් පමණ ගත කිරීම චූන් පාන් රියැදුරුගේ දින චරියාවේ කොටසක් විය. 

 

මේ වන විට වයස අවුරුදු 17 වූ දැරිය හා චූන් පාන් විකිණීමට පැමිණෙන පුද්ගලයාගේ ප්‍රේම සම්බන්ධතාව නිවෙස් දෙකටම ආරංචි වී ඇත. 

 

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නිවෙස් දෙකේම නිවැසියෝ මොවුන් දෙදෙනා පිළිබඳව කතිකා කරගෙන වයස 18 වන විට නීත්‍යනුකූලව විවාහ වනතුරු වෙනත් නිවෙසක එකට වාසය කිරීමට අවස්ථාව ලබාදීමට එකඟ වී ඇති අතර චූන් පාන් අලෙවි කරන පුද්ගලයාගේ නිවෙසේ දීග කෑමට දෙදෙනාට අවස්ථාවක් උදා වී ඇත.


 
මෙම තරුණිය හා තරුණයා මාස දහයක් අඹු සැමියන් ලෙස එකට එක නිවෙසේ ජීවත්වී තිබේ. 

 

මාස දහය තුළ ඉතාමත් සහයෝගයෙන් ජීවත් වූ අතර ඒ වන විට මෙම දෙදෙනා මව්පියන්ගෙන් ලැබුණු ඉඩමක නිවෙසින් අඩක්ද ඉදිකිරීමට ඔවුන් සමත්වී ඇත.

 

නිවෙස් දෙකේම මව්පියන්ගේ ආශිර්වාදය තුළ කසාද නොබැඳ මාස දහයක් දීග කෑ අතර මෙම දීගයට තිත තැබීමට චූන් පාන් අලෙවි පුද්ගලයා කල්පනා කර තිබේ. 

 

ඒ අනුව මෙම තරුණිය ඇගේ මව්පියන් වාසය කරන නිවෙසට ආපසු යවා ඇත.

 

තරුණියගේ මව්පියන් මහවෙල පොලීසියේ පිහිට පතා පවසා ඇත්තේ, චූන් පාන් අලෙවි කළ පුද්ගලයා තම දියණියට විවාහ කරගන්නා බවට පොරොන්දු වී මාස දහයක් දීග කා ඇති බවත්, විවාහ වීමට කල වයස සම්පූර්ණ වූ විට නීත්‍යනුකූලව විවාහ කරගන්නා බවට පොරොන්දු වී එක්ව ගිය බවත්ය.

 

මව්පියන් පොලීසියේ පිහිට පතා ඉල්ලා ඇත්තේ චූන් පාන් අලෙවි කර පුද්ගලයා කෙසේ හෝ තම දියණියට විවාහ කර දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස යැයි තරුණියගේ ගමෙන් වාර්තා විය.

views

330 Views

Comments

arrow-up