ළමයින්ට ශක්තිය ටිකක් එන්න අල බතල එහෙම නිතර කන්න එච්චර සල්ලියක් තිබ්බේ නැහැ - ලෝකඩ පදක්කමක් දිනූ අහිංසාගේ පුහුණුකරු කියන සංවේදී කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

ළමයින්ට ශක්තිය ටිකක් එන්න අල බතල එහෙම නිතර කන්න එච්චර සල්ලියක් තිබ්බේ නැහැ - ලෝකඩ පදක්කමක් දිනූ අහිංසාගේ පුහුණුකරු කියන සංවේදී කතාව

ළමයින්ට ශක්තිය ටිකක් එන්න අල බතල එහෙම නිතර කන්න එච්චර සල්ලියක් තිබ්බේ නැහැ - ලෝකඩ පදක්කමක් දිනූ අහිංසාගේ පුහුණුකරු කියන සංවේදී කතාව

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියේ දී 57 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනාගත් නෙත්මි අහිංසාගේ පුහුණු කරු කියන සංවේදී කතාවයි මේ.

 

" කෙනෙක්ගෙන් අපිට ඉරුණු මෙට්ට ටිකක් ලැබුණා. ඒක මට දාගන්න තැනක් නැතිව පන්සලට ගියාම හාමුදුරුවෝ මට ඉඩක් දුන්නා.  එතන මාසයක් දෙකක් පුහුණුවීම් කරද්දි ළමයි කෑගහන සද්දෙ වැඩියි කියලා මට එහෙන් යන්න කිව්වා. ඊට පස්සේ සෙල්ලම් කරන්න එන ළමයෙක්ගේ කමතක් තිබ්බා. පස්සෙ ඒකෙ පුහුණුවීම් කරගෙන හිටියා. නමුත් එතන වැස්සට් මෙට්ට දාන්න බෑ. මොකද වහලයක් නැති හින්ද මෙට්ටේ තෙමෙනවා. පස්සේ මිස් කෙනෙක්ගෙන් අපිට බිල්ඩින් එකක් හම්බුනා. නමුත් ටික කාලයක් පුහුණුවීම් කරද්දි එතනිනුත් අපිට යන්න කිව්වා. මම ඊට පස්සෙ බැරිම තැන ළමයි ටිකත් අරගෙන මගේ ගෙදර ඇවිත් එයාලගේ අම්මලා තාත්තලාගෙන් සල්ලි ටිකක් එකතු කරගෙන පොඩි මඩුවක් හදාගෙන පුහුණුවීම් කෙරෙව්වා.
 

ළමයින්ට ශක්තිය ටිකක් එන්න අල බතල එහෙම නිතර කන්න වෙනවා. නමුත් ඒවාට වියදම් කරන්න එච්චර සල්ලියක් තිබ්බෙ නෑ. මම කෝචින් කෝස් මොකුත්ම කරල නැති හින්දා මට මහා ලොකු අත්දැකීමක් නැහැ. නමුත් මම නිතරම වීඩියෝ බලනවා. ඒව බලල තමයි මම ළමයින්ට පුහුණුවීම් කෙරෙව්වේ. "

 

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව පරාජය කරලා ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ලබා දුන් නෙත්මි අහිංසා දැරියගේ පුහුණුකරු වන සුරංග කුමාර මහතා ඇයව පුහුණු කළ ආකාරය ගැන මීට වසර දෙකකට ඉහත දී කළ කතාවක් තමයි මේ.

 

එතුමා මෙහෙම කැපකිරීමක් කරලා තමයි නෙත්මි අහිංසා දැරියව මුළු ලෝකයක්ම දන්න කෙනෙක් බවට පත්කළේ.

views

213 Views

Comments

arrow-up