මධුසමය දා රෑ තනියම එළියට ගිය මනාලියට වූ දේ...

මේ සිද්ධිය වුණේ හරියටම අපේ වෙඩින් එකෙන් පස්සෙ දවසෙ. අපි හනිමුන් එකට ගියේ නුවරඑළියෙ. අපි දවල් දවස පුරාම එකේක තැන් වල ඇවිද්දා. ෆොටෝස් ගත්තා. අපි දෙන්නටම හවස් වෙද්දි ලොකු තෙහෙට්ටු ගතියක් ආවා දවසෙම ඇවිද්ද නිසා.
අපි රෑට නවතින්න ප්ලෑන් කරගෙන තිබුණෙ කලින් සෙට් කරගත්තු ගෙස්ට් හවුස් එකක. නුවරඑළිය ටවුන් එකෙන් ටිකක් ඇතුළට වෙන්න ඒක තිබුණෙ. සියලු පහසුකම් එක්ක එතන සාමාන්‍ය ප්‍රමාණයේ ගෙවල් කිහිපයක් ටිකක් ළඟින් ළඟින් වගේ තිබුණා. අපි එතන කෙළවරට වෙන්න තිබුණු ගෙයක් තමා නවතින්න ගත්තෙ.
කොහොමහරි හවස ග්‍රෙගරි වැව ගාවත් එන්ජෝයි කරලා අපි නවතින තැනට එන්න පිටත් වුණා. හස්බන්ඩ් විස්කි එකක් ගත්තා මේ සීතලයි මහන්සියයි නිසා බොන්න. එයා මටත් බියර් එකක් අරන් දුන්නට මම කලින් ලිකර්ස් පාවිච්චි කරලම නෑ.
වංගු පාරවල් වලින් හෙමීට අපි නවතින තැනට එද්දි සම්පූර්ණයෙන් ම කළුවර වෙලා. අපිට ගේ භාරදෙන්න බෝයි කෙනෙක් ඇවිල්ල හිටියා. එයා ගෙදර ඔක්කොම විස්තර කියලා දීලා ඕනකමක් වුණොත් කෝල් කරන්න කියලා නම්බර් එකකුත් දීල යන්න ගියා. දැන් ඉතින් මායි හස්බනුයි විතරයි. හොඳටම සීතලත් එක්ක.
අපි රෑට කන්න පීසා අරන් ආවා. මම කෑම ඇරේන්ජ් කරනකන් හස්බන්ඩ් ගියා වොෂ් එකක් දාගන්න. කන්න බොන්න ගෙනාපු ඔක්කොම දේවල් මම ටේබල් එකේ පිළිවෙලට සූදානම් කළා. බියර් එකක් ගෙනත් තිබුණට ඒක බොන්න නම් මම ටිකක් බයෙන් හිටියෙ, කලින් බීලා තිබුණෙ නැති නිසා.
හස්බන්ඩ් වොෂ් එකක් දාගෙන ආවට පස්සෙ මම වොෂ් එකක් දාගන්න ගියා. උණු වතුරෙන් නෑවට පස්සෙ පුදුම සනීපයක් ඇඟට දැනුණෙ. මහන්සිය කොහෙන් ගියාද නෑ. මම කොණ්ඩෙ වේලෙන්න තුවායත් ඔළුවෙ බැඳගෙන, කම්මැලිකමට හස්බන්ඩ්ගෙම අත්දිග ෂර්ට් එකක් ඇඳගෙත්තා. ෂර්ට් එක ගොඩක් ලොකු නිසා තව ඇඳුමක් ඕන උනේ නෑ.
ඉතිං මම ඔහොම සාලෙට එනකොට මෙන්න මෙයා විස්කි එක කඩලා බොන්න පටන් අරන්. මම තරහ මූණක් මවාගෙන ළඟට ගියාම මාව එක පාරටම ළඟට ඇඳලා ගත්තා. මමත් බොරුවට බේරෙන්න වගේ දැගලුවා. එයා මාව තුරුළු කරගෙන ඉඹිද්දි එයාගෙ කටින් මට විස්කිවල සැර ආවා. ඒකත් එක්ක මට එකපාරටම වමනෙ යන්න වගේ ආවා.
හස්බන්ඩ්ට ඒක කිව්වම එයා හොඳටම හිනා වුණා. එයා මට බියර් එක කඩලා දුන්නත් මම ඒක ලඟටවත් ගත්තෙ නෑ, අර ගඳ නිසා ආපු අප්පිරියාවට. මම පැත්තකින් වාඩිවෙලා හස්බන්ඩ් බොන දිහා බලාගෙන කියව කියව හිටියා. මහන්සිය නිසාද කොහෙද එයා ගොඩක් බිව්වා. පීසා කෑල්ලක් කන්න ගත්තත් ඒකවත් ඉවර කරගන්න මට බැරිවුණා.
අපි දෙන්නා ටික වෙලාවක් වෙඩින් එකේ විස්තර කතා කර කර හිටියා. හස්බන්ඩ්ට නම් හොඳටම වෙරිවෙලා. මම එයාව ඇඳට එක්කගෙන ගියා. ඇඳෙන් හාන්සිවුණා විතරයි එයාට නින්ද ගියා. මම ටික වෙලාවක් එයාගෙ ඔළුව අතගගා හිටියා. මටනම් නිදිමතක් තිබුණෙ නෑ.
මම ආපහු ගිහින් කෑම කාපු තැන අස් කරා. ඊටපස්සෙ කරන්න වැඩකුත් නැති නිසා මම හිතුවා පොඩ්ඩක් හීතල හුළං ටිකක් වදින්න ඉස්තෝප්පුවට යන්න. ඇතුලෙ හීටර් තිබුණට එළියෙ ගල් වෙන තරම් සීතලක් ඇත්තෙ. ඒත් ඉතිං නුවරඑළියෙ එන්නෙ සීතලේ ඉන්න මිසක් උණුසුම්ව ඉන්න නෙමෙයිනේ. අනිත් එක මම හස්බන්ඩ්ගෙ ෂර්ට් එක විතරයි ඇඳන් හිටියෙ. කොණ්ඩෙ වේලිලා නිසා ඒකෙ බැඳන් හිටපු තුවායත් ගලවලා දැම්මා. මේ රෑ ඉතිං කවුරු බලන්නද කියලා මම ඉස්සරහ දොර ඇරන් ඉස්තෝප්පුවට ගියා.
ඒක පුදුමාකාර ලස්සන දර්ශනයක්. කඳු බෑවුමේ ඈත පොඩි පොඩි ලයිට් එළි ගොඩක් පේනවා, කණාමැදිරි එළිවගේ. ඒ නුවරඑළියෙ ටව්න් එක වෙන්න ඕන. ඒ වගේමයි වළාකුළු අස්සෙන් තරු පොකුරු පොකුරු පායලා. ලොකු සීතලක් තිබුණට ටිකකින් ඒක මට හුරුවුණ නිසා ලොකු අමාරුවක් දැනුණෙ නෑ. ඔය අතරෙ සැරින් සැරේ එන සීතල සුළං මගේ ඇඟ පුරාම දැවටීගෙන යනකොට, ඒක කියාගන්න බැරිතරම් අමුතු හැඟීමක් ගෙනල්ලා දුන්නා. ඇත්තටම මම ඒ රාත්‍රිය විඳිමින් උන්නෙ.
මම මේ පරිසරයට වශීවෙලා වගේ. නැත්තම් මම මේ පරිසරයෙම කොටසක් වෙලා වගේ. මම අත්දෙක දෙපැත්තට දික් කරලා මේ සීතල වින්දා. ඇස් පියාගෙන ඒ ඇහෙන සද්ද වලට සම වැඳුණා. මගේ ඇඟ මටවත් පාලනය කරන්න බැරි තරමට නිදහස් වෙලා වගේ තිබුණෙ.
ඔය අතරෙ මගේ පිටිපස්සෙන් අමුතු සීතලක් දැනුණා. මට ඒක විස්තර කරන්න බැරි සීතලක්. ඒක හරියට උණුසුමක් වගේ දැනුණ සීතලක්. ඒක පිටිපස්සෙන් ඇවිත් මාව වෙලාගත්තා. හරියට කවුරුහරි මාව පිටිපස්සෙන් බදාගත්තා වගේ. සාමාන්‍යයෙන් කෙනෙක් බදාගත්තම උණුසුමක් දැනුණට මේ වෙලාවෙ මට දැනුණෙ අමුතු සීතලක්.
ඒ සීතල මාව තද කරගත්තා. ෂර්ට් එක අස්සෙන් මගේ සිරුර පුරා ඒ සීතල විහිදෙන්න ගත්තා. ඒ හැඟීමට මගේ ඇස් පියවිලා තිබුණෙ. දැන්නම් මට දැනුණා කවුරුහරි මාව බදාගෙන ඉන්නවා වගේ. ඒත් ඒකට මම කැමති වුණා.
මගේ ඇඟපුරාම ඒ සීතල පැතිරුණා. බෙල්ල ගාවින් හමාගෙන ගිහින් මගේ පපුව ගාව ඒක නැවතුණා. පියයුරු උඩින් පිරිමැදගෙන යන සීතල නිසා මට දරාගන්න බැරි හැඟීමක් ආවෙ. මම එහෙම වෙන්න දීලා බලාගෙන හිටියා. මට වෙන මුකුත් හිතන්න ඕන වුණේ නෑ.
එතනින් පස්සෙ මගේ ඇඟ පුරාම ඒ සීතල පැතිරුණා. ටිකෙන් ටික මට දැණුනා මගේ ඇඟ සීතලෙන් පිරිමදින වේගෙ වැඩි වෙනවා කියලා. ඒත් එක්කම මාවත් එහාට මෙහෙට හෙලවෙන්න ගත්තා. මේ වෙනකොට ෂර්ට් එකේ එක බොත්තමක් ඇරෙන්න ඔක්කොම ගැලවිලා තිබුණෙ. මම ඇඳුම් නැතුවම ඉන්නවා වගේ මට දැනුණේ. හිත ඇතුලින් මම මේ දැනෙන දේට ආස වුණත් ඒක ටික ටික වේදනාත්මක වෙන්න ගත්තා. රෞද්‍ර වෙන්න ගත්තා. දරාගන්න අමාරුවුණාම මම ඇස් ඇරියා.
රතු පාට දිලිසෙන ඇස් දෙකක් මගේ මූණ ඉස්සරහ. කළුම කළු පාට මිනිහෙක්. දත් විළිස්සගෙන මගේ දිහා බලාගෙන හිටියා. ඇඟ පුරාම වගේ ලෝම. ඇස් දෙකෙන් ගිනි පිටවෙනවා වගේ. ඒනම් මනුස්සයෙක් වෙන්න බෑ. මාව බදාගෙන හිරකරගෙන අල්ලගෙන හිටියෙ. මට හෙළවෙන්නවත් බෑ. මම කෑ ගහන්න හැදුවා. සද්දෙ පිටවුණේ නෑ.
දත් විළිස්සගෙන හිනාවීගෙන ඔළුව දෙපැත්තට හරව හරව මං දිහා බලන් ඉන්නවා. මූණේ ඉඳන් කකුල් දෙක වෙනකන්ම රතු පාට ඇස්වලින් උඩට යටට බලනවා. ඒක මට විස්තර කරන්න අමාරු තරම් භයානක බැල්මක්. මොකුත් කරගන්න බැරුව බලාගෙන හිටපු මගේ මූණ ගාවට ඒ මූණ ලංකරනවා කියලා විතරයි මට මතක.
උදේ ලොකු ඔළුව කැක්කුමක් එක්ක මම අවදි වුණේ. මම හිටියෙ ඇඳේ. හස්බන්ඩ් කලින් නැගිටලා තිබුණා. එයා මටත් තේකක් හදලා දුන්නා. ඊයෙ සිද්ධවුණේ මොකද්ද කියලා මම හස්බන්ඩ් ගෙන් ඇහුවත් එයා කිව්වෙ අපි කාලා බීලා නිදාගත්තා කියලා. ඊයෙ මොකුත්ම නොවුණු ගානට හැමදේම සාමාන්‍ය විදියට තිබුණා. මට මතක දේවල් එයාට කියන්න මට හිතුණෙ නෑ. ඒක නරක හීනයක් වෙන්න ඇති කියලා මම හිතුණා. ඒක එහෙම අමතක කරලා දාන්න හිතාගෙන, මම ලෑස්ති වෙන්න වොෂ් රූම් එකට ගියා.
ටික වෙලාවක් කණ්ණාඩියෙන් මම දිහාම බලාගෙන ඉඳලා මම නාන්න ගත්තා. නාලා ඉවරවෙලා ඇඟ පිසදාන කොට තමයි මම ඒක දැක්කෙ.
මගේ පපුවට පහළින් දකුණු පැත්තෙන් බඳ හරියට වෙන්න දිගට තැන් හතරක් රතු වෙලා තිබුණා. හරියට ඇඟිලි හතරක් වගේ. එතන හම තැලිලා වගේ. මම කණ්ණාඩිය ලඟට ගිහින් බැලුවෙ තව එහෙම තැන් තියනවද කියලා. කණ්ණාඩියෙ හිටියෙ රතුපාට ඇස් තියන කළුම කළු මිනිහෙක්.
1361 Views
Comments