ලෝකෙට හඳුන්වාදුන් අලුත්ම පළතුර

ජපානයේ, හොකයිඩෝහි ගොවීන් පිරිසක් නව පළතුරක් නිර්මාණය කිරීමට සමත් වී තිබේ. එය දැනට “ලෙමන් මෙලන්” නමින් හඳුන්වයි.
එම පළතුර, වටකුරු සහ යුෂ සහිත ස්වභාවයක් ගන්නා අතර කොමඩු මෙන් පැණි රස සහ ලෙමන් වැනි තරමක් ඇඹුල් රසක් ගනී.
කොමඩු මෙන් දිස් වුව ද එහි ඉරි අඩංගු නොවේ. එමෙන් ම එහි අභ්‍යන්තරය සුදු පැහැයක් ගනියි.
එය ආහාරයට ගැනීමේදී මතුපිටින් පෙයාර්ස් ගෙඩියක ආකාරයක් ගන්නා අතර ඇතුළතින් මෘදු ස්වභාවයක් ගනී.
මෙම නව පළතුර හොකයිඩෝහි වෙසෙන ගොවීන් පස් දෙනෙකු විසින් සීමිත ප්‍රමාණයකින් වගා කරනු ලබයි.
389 Views
Comments