මිදුලේ වළලා තිබුණු අභිරහස් මළසිරුර
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

මිදුලේ වළලා තිබුණු අභිරහස් මළසිරුර

මිදුලේ වළලා තිබුණු අභිරහස් මළසිරුර

මේක Kim Jin-young ගේ House with a Yard කියන කතාව පාදක කර ගනිමින් Twenty-Five Twenty-One, The King:Eternal Monarch, Search: WWW ආදී කතා මාලාවන් අප අතරට ගෙනාව Jung Ji Hyun ගේ අධ්‍යක්ෂණයක්.



Kim Tae Hee, Lim Ji Yeon, Kim Sung Oh යන නළු නිළියන් ප්‍රධාන චරිතවලින් රංගනයෙන් එකතුවෙනවා.



පළවෙනි කොටස බැලුවට පස්සෙ කුතුහලයෙන් යුතු කාරණා රාශියක් ප්‍රේක්ෂකයා අතරේ ඉතුරු වෙනවා. කතාව පටන් ගන්නෙම Moon Joo Ran ගේ සහෝදරියගේ මරණයෙන්.



Chu Sang Eun කියන්නෙ තමන්ගෙ සැමියගෙන් නිතර පහර කෑමට ලක්වෙන ගැබිණි කාන්තාවක්. ඒත් එකපාරටම එයාගෙ සැමියා මැරිලා කියලා ඇමතුමක් ලැබෙනවා. ඒ කොහොමද?



Sang Eun ඇත්තටම අම්මා කෙනෙක් වෙන්නද යන්නෙ?



කුමක් හෝ සිද්ධියක් නිසා Joo Ran සහ ඇගේ සැමියා Park Jae Ho අලුත් පළාතකට පදිංචියට එනවා. ඒ ඇයි?



ඒවගේම Joo Ran ගෙ වත්තෙන් අසල්වැසියන්ට අමුතු ගඳක් එනවා. ඒ ගඳ මොකක්ද?



Joo Ran ඒ ගැන එයාගෙ මහත්තයගෙනුත් පුතාගෙනුයි ඇහුවම ඇයි එයාලා එහෙම නෑ කියන්නෙ? Joo Ran ගෙන් එයාගෙ පුතයි සැමියයි හංඟන්නෙ මොන වගේ දෙයක්ද?



Joo Ran ගෙ සැමියා Jae Ho ඇයි අසල්වැසියොත් එක්ක ජු රාංට සම්බන්ධ වෙන්නෙ දෙන්නෙ නැත්තෙ?



ඇයි Joo Ran ගෙ පුතාට මැරෙන්න ඕනෙ කරන්නෙ?



අසල්වැසියො ගඳයි කියන නිසා Joo Ran ඒ වත්ත හාරනවා. එතකොට එයාට හම්බවෙන මළසිරුරේ අනන්‍යතාව කාගෙද?



පළවෙනි කොටසෙන්ම උත්තර නැති ප්‍රශ්න ගොඩක් ඉතුරු වුනා. හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්න නම් කතාව බලන්නම වෙනවා.



කොටස් 8 කින් යුක්ත මේක සුපිරිම කතාවක්. කාලෙකට පස්සෙ අහුවුන වෙනස්ම Story එකක් වගේම අනිවාර්යෙන්ම බලන්න ඕනෙ කතාවක්.

views

460 Views

Comments

arrow-up