රසායන විද්‍යාව එක්ක පැටලුණු ආදරය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

රසායන විද්‍යාව එක්ක පැටලුණු ආදරය

රසායන විද්‍යාව එක්ක පැටලුණු ආදරය


මේ කතා මාලව අධ්‍යක්ෂණය කලේ Apoorv Singh Karki සහ Divyanshu Malhotra යන අය විසින්. මේ වෙබ් කතා මාලාව මුලින්ම විකාශනය වුනේ TVFplay හරහා. ඒ වගේම දෙවෙනි කතා සමය TVFplay හා Mx player හරහා.



මේ කතා මාලාවට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහල යාම හින්දම දෝ, මේ කතා මාලාවෙ තුන් වැන්න Amazon prime හරහා 2022 ඔක්තෝම්බර් 28 දින සිට විකාශනය වූවා.



Ritvik Sahore, Tanya Maniktala, Sunakshi Grover, Shivam Kakar යන අය මේ කතාමාලාවට රංගනයෙන් දයක වෙනවා. Deepesh Sumitra Jagdish හා Puneet Batra තමා මේ කතාව ලියලා තියෙන්නෙ.



රජත්, අනූශ, පාන්ඩේ. මෙයාල තමයි කතාව නියෝජනය කරන චරිත තුන. රජත් කියන්නෙ හරිම නිවිච්ච චරිතයක්. සෙට් එකේ ඉන්න කඩවසම්ම බුවා. මොළකාරයා මෙයා තමයි.



එතකොට අනූශ. මෙයා තමයි සෙට් එකේ ඉන්න කටකාර මලහෝන්තුව. හැබැයි ඉතිං හැමදේකදිම සෙට් එකත් එක්කමයි. ඒ වගේම හැම සෙට් එකකම ඉන්නවනෙ ඇඟ විතරයි මොළේ කලදක් නැති පඩි ටෝක්ස්ම විතරක් දෙන මෙලෝ දෙයක් හරියට කරගන්න බැරි හැබැයි ඉතිං හරිම හිත හොඳ චරිතයක්. මේකෙ ඒ පාන්ඩේ තමයි.



කෞශාල් සර් කවුද කියලත් කියන්නම ඕන. මෙයා තමයි අපේ කෙමෙස්ට්‍රි පන්තියේ කෙමෙස්ට්‍රි උගන්වන සර්. පට්ට සැරයි තිතට වැඩ ඕන. පළාතෙ ඉන්න සේරම වැඩිම ලකුණු ගන්න ළමයි සර්ගෙ පන්තියටලු එන්නෙ.



ඉශිතා කියන්නේ පන්තියට අලුතින් ආව ළමයා. අනේ හරිම කියුට්. හැමෝගෙම ලයින් එක මෙයාට දැන් නං. හරිම බුද්ධිමත් තැන්පත් ගෑණු ළමයෙක්.



හරි එහෙනං මේ තමයි අපේ ජීවිත කතාව නිරූපණය කරන චරිත. සේරම ගෙතෙන්නෙ කෙමෙස්ට්‍රි ක්ලාස් එකයි යාළුවො සෙට් එකේ බැඳීම වටා තමයි.

 

views

398 Views

Comments

arrow-up