සබ්මැරීන ගැන මුලින්ම ලෝකෙට කියූ චිත්‍ර ශිල්පියා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

සබ්මැරීන ගැන මුලින්ම ලෝකෙට කියූ චිත්‍ර ශිල්පියා

සබ්මැරීන ගැන මුලින්ම ලෝකෙට කියූ චිත්‍ර ශිල්පියා

සබ්මැරීනයක ආකෘතිය පිළිබඳව මුල්ම සටහන ඇඳී ඇත්තේ ලෝක ප්‍රසිද්ධ අසහාය කලාකරුවෙක්ගේ සටහන් පොතක. ඒ අසහාය කලාකරුවා නමින් ලියනාඩෝ ඩාවින්සි. 

 

 

අපි දන්න කතාන්දරයක් තමයි ලියනාඩෝ ඩාවින්සි මේ ලෝකයට බොහෝ නිර්මාණ දායාද කිරීමට උත්සාහ ගත් පුද්ගලයෙක්. යුද ටැංකිය, අහස් යන්ත්‍රය පවා ඒ අතර වෙනවා.

 

 

ඒ විතරක් නෙවෙයි මුල්ම කිමිඳුම් කට්ටලය පවා නිර්මාණය කරන්නෙ ලියනාඩෝ ඩාවින්සි. ඔහු ස්වයංක්‍රිය මෝටර් රථයක ආකෘතියක් නිර්මාණය කළා සේම, මැෂින් තුවක්කුවක්ද නිර්මාණය කළ බව කියැවෙන අතර පියානෝවේද නිර්මාතෘවරයා වෙනවා. 

 

 

1485 දී තමයි ලියනාඩෝ ඩාවින්සි සබ්මැරීනයක් සඳහා දළ සිත්තමක් තම කටු සටහන් පොතේ සටහන් කරන්නේ. මෙම සබ්මැරීනය කිසි විටෙකත් ගොඩනඟා නොතිබුණද ලියනාඩෝ ඩාවින්සිගේ නිර්මාණය බොහෝ විට එවැනි ආකාරයේ පළමුවැන්න ලෙස සැලකෙනවා. 

 

 

ඔහුගේ සැලසුමට අනුව සබ්මැරීනය ජලයෙන් පිරවිය යුතු සම්වලින් ආවරණය කරන ලද ලී රාමුවකින් සමන්විත වුණා. ලියනාඩෝ ඩාවින්සිගේ සබ්මැරීනය කිසි දවසක නිර්මාණය වූයේ නැතත්, ඔහුගේ සැලසුම අනාගත සබ්මැරීනය නිර්මාණය කිරීම සඳහා අඩිතාලම දැමීය.

 

 

 1485 දී ලියනාඩෝ ඩාවින්සි නිර්මාණය කළ සබ්මැරීනයේ යම් අඩුපාඩුවක් තිබිණි. රෝද සහිත කූඩුවක් වැනි වූ එම සබ්මැරීනය තුළට මිනිසුන් දමා යාත්‍රාවක් බදුව තල්ලු කළ පසුව ගමන් කළ හැකිවූ බව කියැවෙනවා. නමුත් මෙම සබ්මැරීනයට වාතය පිට කිරීමේ ක්‍රමයක් නොතිබුණු අතර මෙයින් ගමන් කිරීමේ හැකියාව ප්‍රායෝගික නොවේ. 

views

420 Views

Comments

arrow-up