ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට ගෙන යන චිත්‍රපටයක්

පසුගිය 15 වැනිදා මංගල දර්ශනය පැවැත්වූ The Wacky චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සමෘද්ධි රණසිංහයන් විසිනි. මොහු 1997 වසරේදී සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන අතර එක් මුර්ගංගනාවක්, සිසිල ඉම සහ නේත්‍රාංජලී මොහු සහාය අධ්‍යක්ෂ ධුරය හෙබවූ ටෙලි නාට්‍ය කිහිපයකි.
එමෙන්ම මෙම සිනමා පටයේ නිෂ්පාදකවරයා වන්නේ ආචාර්ය D.M.A. කුලසූරිය මහතාය. සමෘද්ධි රණසිංහ, සරත් කරුණාරත්න සහ කෞෂි සිරිවර්ධන යන ත්‍රිත්වයේ කතා සංකල්පයක් වන The Wacky චිත්‍රපටය සමෘද්ධි රණසිංහ සහ සරත් කරුණාරත්න දෙපළගේ තිර රචනයෙන් හැඩගැන්වී ඇත.
ශ්‍රී ලාංකේය සිනමා රසිකයන් මීට පෙර අත්නොවිඳි නවමු කතා සංකල්පයකට අනුව නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය, සිසුන් 17 දෙනකුගෙන් යුත් පන්ති කාමරයක් වටා ගෙතී ඇත. වැසි දිනෙක තම ගුරුතුමිය සමඟ පන්ති කාමරයේ සිරවී සිටින මෙම පිරිස පිටත පවතින්නේ සාමාන්‍ය වැස්සක් නොව අම්ල වැස්සක් බව සොයා ගනී.
ඔවුන්ගෙන් සමහරක් Wacky නම් මෙම මාරාන්තික වර්ෂාවෙන් දැනටමත් තෙමී සිටියි. මෙම මාරාන්තික වර්ෂාවට හසුවන සියල්ලන්ටම හිමිවන එකම ඉරණම වන්නේ වේදනාකාරී බිබිළි අතුරින් මතුවන පිලිස්සුණු නොමිනිසුන්ය.
පන්ති කාමරයේ බිත්ති හතරට කොටුවී සිටින මෙම පිරිසට ඇති වන්නේ ඉදිරියේදී සිදුවීමට නියමිත දේ පිළිබඳව අවිනිශ්චිතතාවකි. කෙසේ හෝ මෙම අවිනිශ්චිතතාව මැදින් තමන් මුහුණදී සිටින්නාවූ දුෂ්කරතාවෙන් මිදීමට ඔවුන් දරන උත්සාහය සාර්ථක වේවිද? මෙම ප්‍රශ්නය සඳහා පිළිතුර සොයා ගැනීමට නම් මෙම සිනමාපටය නැරඹිය යුතුමය.
486 Views
Comments