එක රැයකින් පාතාලය සුන් කරන මෙහෙයුම

දකුණු කොරියාවේ සෝල් වල චීන නගරයෙ එහෙමත් නැත්තන් චයිනා ටව්න් එකේ වැඩි හරියක් ඉන්නෙ චීන සහ කොරියානු සම්භවයක් තියෙන මිනිස්සු වගේම චීනෙ ඉදන් හොරාට කොරියාවට ආපු සංක්‍රමණිකයෝ.
මේ අතර සාමාන්‍ය වෙළෙන්දන් වගේම මැර කල්ලි කීපයකුත් තියෙනවා. මේ කල්ලිවල ක්‍රියා කලාපය නිසා නිතරම පිහි ඇනුම් සහ රණ්ඩු සරුවල් ඇති වෙනවා. මේ පාතාල කල්ලි නිසා පීඩාවට පත් වෙන්නෙ අහිංසක ජනතාව. ඒ වගේ වෙලාවට මේ පළාතේ අපරාධ අංශ නිළදාරීන් එකතු වෙලා තමයි මේ කෝලාහල සමථයකට පත් කරන්නෙ.
ඒත් මේ කිසි කෙනෙක්ව හිරේට දාන්නේ නම් නෑ. පොලිසියෙ ඉන්න මා සොක් දෝ කියන නිලධාරියා හැම මැර කල්ලියකම අතරමැදියෙක් හැටියට වැඩ කරනවා.
කොහොම හරි මේ විදියට සාමාන්‍ය අපරාධ වෙන නගරෙට චීන කොරියානු සම්භවයක් තියෙන තවත් අමුත්තෝ 3 දෙනෙක් එනවා. හැබැයි මේ අය නම් සාමාන්‍ය මැරයො වගේ පිහියෙන් නෙවෙයි වැඩ කරන්නෙ. කෙළින්ම කෙටේරියෙන් තමයි කොටන්නෙ.
ජන්ග් චෙන් කියන්නෙ මේ තුන් දෙනා අතරින් නායකයා. මෙයාල කරන්නෙ ණයට සල්ලි දීල ඒවට සෑහෙන පොළියක් අය කරන එක. ඒක ගෙවන්න බැරි වුනාම අත පය කපල දානවා. ඉතින් මේ චීන නගරයෙ මැර කල්ලියක එක මිනිහෙක් මෙයාලගෙන් ණයට අරගෙන ගෙවාගන්න බැරි වෙනවා. ඊට පස්සෙ මේ ජන්ග් චෙන් ඒ මැර කල්ලියෙ නායකයව මරල ඒ කල්ලියෙ පාලනය අතට ගන්නවා.
ඊට පස්සෙ, සාමාන්‍ය අපරාධ වුණ මේ නගරෙ දිගින් දිගටම දරුණු අපරාධ වෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය මැරයොත් දරුණු වෙනවා. සේරම පාලනයෙන් තොර වෙනකොට මේ නගරෙ අපරාධ අංශෙ මෙහෙයුමක් දියත් කරනවා. ඒ තමයි සේරම මැරයො ටික එක රැයකින් අල්ලගන්න එක.
ඉතුරු ටික දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
429 Views
Comments