රිදී තිරයට එන සිංහබාහු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

රිදී තිරයට එන සිංහබාහු

රිදී තිරයට එන සිංහබාහු

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණය වන සිංහබාහු චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වුණේ පසුගිය ජුනි මාසයේදීය. නමුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස යොදාගත් ජැක්සන් ඇන්තනී මහතා හදිසි අනතුරකට ලක්වීමත් සමඟ එහි වැඩකටයුතු තරමක් පමා විය.

 

 

ජැක්සන් අනතුරට ලක්වුණේ සිංහබාහු චිත්‍රපටයේ රූගතකිරීම් අරම්භ කළ අවධියේයි. කෙසේ වෙතත් ජැක්සන් නොමැතිව ඔහුගේ වැඩිමල් පුත් අකිල සම්බන්ධ කරගෙන සිංහබාහු ඉතිරි කොටස් රූගත කරන්නට තීරණය කරන ලදි.

 

 

සෝමරත්න දිසානායකගේ 12 වැනි චිත්‍රපටය වන සිංහබාහු චිත්‍රපටයේ ප්‍රධාන පිරිමි චරිතය රංගනයෙන් හැඩ කරනුයේ ජැක්සන් ඇන්තනී වන අතර ප්‍රධාන ගැහැනු චරිතය රඟදක්වන්නේ යශෝධා විමලධර්ම විසිනි. ඊට අමතරව ගිරිරාජ් කෞශල්‍ය, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, අශාන් ඩයස්, අකිල ධනුද්ධර, සජිත අනුත්තර, දුෂේනි මියුරංගි සහ සිනෙති අකිලා ඇතුළු නළු නිළි පිරිසක් විසින් මෙහි සෙසු චරිතවලට පණ පොවනු ලබයි.

 

 

විශ්වා බාලසූරිය කැමරාකරණයෙන්ද, ජනක ප්‍රසාද් කලා අධ්‍යක්ෂණයෙන්ද, අජිත් රාමනායක සංස්කරණයෙන්ද, විදුර අබේධීර වේශ නිරූපණයෙන්ද, රමේෂා ඕෂධි ඇදුම් නිර්මාණයෙන්ද, ප්‍රසන්න වීරකෝන් පසුතල නිර්මාණයෙන්ද මේ සඳහා දායක වී ඇත. සිංහබාහු චිත්‍රපටය ගාමිණි වික්‍රමසිංහ සහ රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයකි. 

views

529 Views

Comments

arrow-up