හද සසල කරවන ටයිටැනික් නෞකාවේ කතාන්දරය (වීඩියෝ සහිතයි)

RMS ටයිටැනික් යනු එක්සත් රාජධානියෙහි සවුත්හැම්ප්ටන් සිට එක්සත් ජනපදයෙහි නිව්යෝර්ක් නගරය දක්වා චාරිකාවෙහිදී උතුරු අත්ලාන්තික් සාගරයෙහිදී අයිස් පරයක් හා ගැටීම නිසා 1912 අප්‍රේල් 15 දිනදී ගිලී ගිය මගී නෞකාවකි.
ටයිටැනික් ගිලීයාම නිසා පුද්ගල මරණ 1,514 සිදුවූ අතර ඉතිහාසය පුරාවටම සාමය පැවැති කාලයන්හිදී සිදුවී ඇති සමුද්‍රීය ව්‍යසන අතුරින් වී ඇති මහත් මාරාන්තික ඒවා අතුරින් එකක් විය.
වයිට් ස්ටාර් ලයින් විසින් යාත්‍රාකිරීමෙහි යොදවා තිබූ ඔලිම්පික් ශ්‍රේණියේ සාගර නෞකා තුන අතුරින් එකක් වූ ටයිටැනික්, 1909–11 අතරතුරදී තනනු ලැබුවේ බෙල්ෆාස්ට්හී හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ස් නැව්තටාකාංගනයේදීය. අනතුර සිදුවන විට මගීන් 2224ක් නෞකාව මත සිටියහ.
එම මගීන් අතර, ඒ වන විට ලෝකයේ කෝටිපතියන්යැයි සැලකූ John Jacob Astor IV, Benjamin Guggenheim සහ Isidor Strauss ද වූහ. එයට අමතරව, බ්‍රිතාන්‍යයෙන්, අයර්ලන්තයෙන් සහ ස්කැන්ඩිනේවියානු රටවලින් ඉසුරු සොයා උතුරු ඇමෙරිකාවබලා ගමන් ගත් මගීන් දහස් ගණනක්ද නෞකාව මත වූහ.
1912 අප්‍රේල් 10 වන දින, එංගලන්තයේ සදම්ටන් වරායෙන් නික්මුණු නෞකාව, ගමනාන්තය වූ නිව්යෝක් වෙත ගමන් ඇරබීමට ප්‍රථම, ප්‍රංශයේ චේබර්ග් සහ අයර්ලන්තයේ ක්වීන්ස්ටවුන් යන වරායන් වෙතද වාර්තා කළාය.
ඉන් පසු නිව්යෝක් බලා යන ගමනේදී, 1912 අප්‍රේල් 14 වන දින රාත්‍රී 11:40 ට, නැව අයිස් පරයක ගැටුනේ ගමනාන්තයට සේන්දු වීමට දින හතරක් තිබියදීය. එවිට නැව නිව්පවුන්ඩ්ලන්තයට සැතපුම් 375 ක් දකුණට වන්නට විය.
ආනතිකව සිදුවූ ඝට්ටනය නැවෙහි දකුණුපසෙහි බඳ කිහිප පලකින්ම ඇතුළට තෙරපූ අතර, ජල ප්‍රතිරෝධක කුටීර දහසයෙන් පහක්ම මුහුදට නිරාවරණය වූහ.ඊළඟ හෝරා දෙකහාමාර ඇතුළත ජලයෙන් පිරුණ නැව සයුරේ ගිලී ගියාය. මගීන් සහ කාර්යය මණඩලය ජීවිතාරාක්ෂක බෝට්ටු මගින් දිවි ගලවා ගැනීම ඇරබූ අතර බොහොමයක් ජීවිතාරක්ෂක බෝට්ටු අඩක් පිරුණු විට දියත් කරන ලදී.
බෝට්ටු වලට පැටවීමේදී " කාන්තාවන් සහ ළමුන් " පළමුවෙන් ප්‍රතිපත්තිය අනුගමනය කිරීම හේතු කොටගෙන සැළකිය යුතු පිරිමින් පිරිසක් ගිලෙමින් පවතින නැව උඩ ඉතිරි වූහ. අලුයම් 02:20 ට පමණ දෙකට කැඩීගිය නැවෙහි ඇණිය, දහසකට වැඩි පිරිසක් නැව මත සිටියදී පළමුවෙන් මුහුදේ ගිලී ගිය අතර මුදට වැටුණු පිරිස් අධික ශීතල කරනකොටගන මොහොතකින් මිය ගියහ. පැය කිහිපයකට පසුව ජීවිතාරක්ෂක බෝට්ටු වල සිටි 710 දෙනෙක් RMS Carpathia නැව විසින් බේරා ගන්නා ලදී.
ජගත් ප්‍රජාවම කම්පනයට පත්කළ මේ මහා ඛේදවාචකය, එයට මුල්වූ මෙහෙයුම් සහ පාලන ක්‍රියාදාමයන් හී වූ දුර්වලතා ගැන කතිකාවතක් ඇතිකිරීමට සමත් විය. ඒ පිළිබඳව බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව විසින් පවත්වන්නට යෙදුණු පරීක්ෂණ, නාවික ක්ෂේත්‍රයේ ප්‍රධානම ආරක්ෂක විධිවිධාන සැකසීමේහීලා මුල්විය. මෙයින් බිහිවූ එක් ප්‍රධානම ආයතනයක් නම්, අදටත් නාවික ආරක්ෂණය කෙරිහි බලපවත්වන්නාවූ, 1914 දී පිහිටුවනු ලැබූ, සයුරේදී ජීවිත ආරක්ෂාව පිළිබඳවූ ජාත්‍යන්තර සම්මුතියයි. { International Convention for the Safety of Life at Sea (SOLAS) }
දිවි ගලවා ගත් අය සන්තකයෙහි වූ සියලු වස්තුව සහ මුදල් අහිමිව අනාථ භාවයට පත්ව සිටියහ. බොහොමයක් පවුල්, විශේෂයෙන්ම සදම්ටන් වලින් කාර්යය මණ්ඩලයට සම්බන්ධ වූවන්ගේ බොහොමයක් පවුල් වලට සිය බත සපයන්නන් අහිමිව ගියහ. ඔවුනට සමාජයේ සහ සහනාධාර වල පිහිට මිස අන් සරණක් නොවූහ.
දිවිගලවා ගත් පිරිමින් විශේෂයෙන්ම වයිට් ස්ටාර් සමාගමේ සභාපති J. Bruce Ismay, කාන්තාවන් සහ ළමයින් නෞකාවේ ඉතිරව සිටියදී බියසුලු ලෙස නෞකාව හැර ඒම පිළිබඳව සමාජයේ ගැරහුමටද පාත්‍ර වූහ.
1985 දී නැවතත් සොයාගන්නා තෙක් , අඩි 12415 ගැඹුරු මුහුදු පත්ලේ තැන්පත්වූ නැවෙහි නෂ්ටාවශේෂ අනුක්‍රමයෙන් කැඩීබිඳියමින් පැවතුන අතර 1985 සිට ගොඩ ගත් දහස් ගණනක් වූ කොටස් ලොව පුරා කෞතුකාගාර වල ප්‍රදර්ශණය වෙමින් පවතී.
403 Views
Comments