සොබාදම් මාතාවගේ දඬුවම

හැම කතාවක්ම පටන් ගන්නෙ ආරම්භයෙන්. ඒත් මතක තියාගන්න අපේ කතාව පටන් ගන්නෙ මැදින්. ඔව් මේ 21 වන සියවසේ බොහොම හොද තවත් එක දවසක්. ඒත් කවුරුවත් නොදන්න දේ තමයි මේ කාලයේදී අපේ අවසානය හෙමින් හෙමින් අප දෙසට එන විත්තිය.
වර්තමානයෙ විනාශයත් සමග අලුත් යුගයක ආරම්භය පටන් ගන්නයි යන්නෙ. අපි සොබාදහමෙන් ගත්ත විතරයි ආපසු මුකුත් දුන්නද? නෑ…. අඩුම තරමේ සොබාදම් මාතාව අපිට පිරිනමපු දේවල් වලට අපි කෘතගුණ සැලකුවද? නෑ නේද? ඇය බලන් හිටපු කාලය ඉවරයි. මේ තමයි ඇය විසින් දූෂිත මිනිස් සත්වයා විනාස කර දමා අලුත් ජීවයක ආරම්භය ගෙන එන යුගය.
මුළු ලෝකයෙන් 1/4 ක් පමනක් ඉතුරු වෙද්දි මිනිස්සු මිය යනවා. අලුත ඉපදෙන සැම දරුවෙක්ම සතෙක් සමග මුහු උනු දෙමුහුන් ජීවීන් බවට පත්වෙනවා. මේ දෙමුහුන් දරුවන් වෛරසයට ආරම්භය යැයි සිතන කණ්ඩායම් ඔවුන්ගෙන් පරීක්ෂණ සිදු කරනවා. ඔවුන්ව මරා දමනවා. මිනිසුන් මිය ගියා තමයි නමුත් ඔවුන්ගෙ දුෂ්ට කම් තවමත් එහෙමයි.
මේ විනාශය ඒමට පෙරාතුව එක් පියෙක් තම දරුවා සමග වන වදින්නෙ පිටත ලෝකයෙන් වහන් වී සිටින්නයි. මේ එම දරුවාගේ කතාවයි. මේ එම දරුවා විසින් ලෝකය සුවපත් කරන්න වෙර දරන කතාවයි.
Sweet Tooth කියන්නෙ එම නමින්ම නිකුත් උන කොමික් පොත් මාලාවක සජීවිකරණයයි. විනාඩි 45 ක් පමන වන කතා කාලයක දිවෙන කොටස් 8 කින් මෙය සමන්විත වෙනවා.
ගස් කියන දරුවා වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ. විද්‍යාවෙ මහිමය කියාපාමින් බිහිවන හයිබ්‍රිඩ් දරුවකුගේ වික්‍රමයන් මේ ආකාරයට දිගෑදෙන්නෙ අප දන්නා ලොව විනාස වී සොබාදහමින් හැඩඋනු ලෝකයකයි. නමුත් මේ ලොව මිනිසාට තර්ජනාත්මකයි. මොකද වෛරසයක් විටින් විට මේ සියල්ලන්වය ආසාදනය කරගන්නවා.
වෛරසය පැමිණි කාලයේ ඉපදෙන සියලුම ලමයි හයිබ්‍රිඩ් දරුවන්. ඒ කියන්නෙ බාගයක් මිනිස් බාගයක් සත්ව. සොබාදහමට අවනත හයිබ්‍රිඩ් දරුවන්ගෙන් ඒ අයිතිය උදුර ගන්න වෙර දරන බල ලෝබී ජෙනරාල් වරයෙකු සතුරු භූමිකාව රග දක්වනවා.
ඉතින් මේ හැමදේම අතරේ අපේ මේ ගස්ගෙ පියා මිය යනවා. ඉතින් ඔහු තම අම්මව හොයන් යන අතරෙ ඒ සිදුවීම් මධ්‍ය ලක්ෂය කරගෙන හරි අපූරුවට මේ අලුත් ලෝකයෙ සමබරතාවය පෙන්නුම් කරන්න මේ අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. බොහොම අලංකාර දසුන් වලින් සමන්විත මේ කතා මාලාව නෙතට අමුතු සිසිලසක් ගෙන එන්න පවා සමත් වෙනවා. ගස් සහ ඔහුගෙ සංචාරයේ ඔහුට හමුවන සොදුරු මිතුරන්ගෙ ඇසුරෙන් මේ කතා මාලාව තවත් හැඩ වෙනවා.
මේ කතා මාලාව එහි සාර්ථකත්වය පෙන්නුම් කරමින් ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කරන්න මේ වන විට සමත් වී තිබෙනවා. ඉතින් පලමු කතා සමය කුතුහලය සහ පුදුමයන්ගෙන් පිරි සුපිරි කතා සමයක් කියල බය නැතුව කියන්න පුලුවන්.
386 Views
Comments