අන්තර්ජාලයේ සැරිසරන ගමන් ප්‍රයෝජනවත් දෙයක් කරන්න අවස්ථාවක්

අපි සයිබර් අවකාශයේ සැරිසරමින් ඉන්න එකෙන්, ඇත්තටම ලෝකෙට දෙයක් ලැබෙනවද? ඒක සංකීර්ණ ප්‍රශ්නයක්.
ලෝක ආහාර වැඩසටහන හිතලා තියෙනවා, අපි සයිබර් අවකාශයේ ගත කරන කාලය ප්‍රයෝජනවත් වැඩකට යොදවන්න උදව්වක් දෙන්න. ඒකට කරන්න තියෙන්නේ freerice.com වෙබ් අඩවියට යන එක.
එහෙම ගියාට පස්සේ අපිට ලබාදෙනවා බහුවරණ ප්‍රශ්න. ඒවා ඉංග්‍රීසි භාෂාවේ වචනෙක තේරුම, මේ වචනේ වෙනුවට යොදන්න පුලුවන් වචනයක් මොකක්ද වගේ දේවල් වෙන්න පුලුවන්.
ඒ වෙලාවෙම අපි ලබාදෙන උත්තරේක වැරදි සහ හරි උත්තරේ මොකක්ද කියන එක පෙන්නනවා. මේ ප්‍රශ්න වලට උත්තර දීලා අපේ දැනුම දියුණු කරගන්න පුලුවන්.
ලෝක ආහාර වැඩසටහන කියන විදියට, අපි මේ එක් එක් ප්‍රශ්නෙකට උත්තර ලබාදෙන වාරයක් පාසා, ලෝක ආහාර වැඩසටහනට හාල් ඇට 10 ක් ආධාර විදියට බැර වෙනවා.
431 Views
Comments