මෙහෙයුම අතරතුර සිදුවූ අනපේක්ෂිත මරණය

මේ වෙබ් කතා මාලාව ඉතා ජනප්‍රිය වූ හින්දි සිනමාපට කිහිපයක් උන Mission Istaanbul, Zanjeer, Haseena Parkar, Shootout at Lokhandwala වැනි සිනමා නිර්මාණයන්හි අධ්‍යක්ෂකවරයා වූ Apoorva Lakhia ගේ Ott මාධ්‍යයක් වෙනුවෙන් සිදු කරන ලද පළමු නිර්මාණය ලෙස හඳුන්වන්නට පුලුවන්.
Saqib Saleem, Shriya Pilgaonkar, Iqbal Khan, Ankur Bhatia, Rajesh Tailang යන ප්‍රධාන නළු නිලි කැල සමඟින් තවත් නලු නිලි පිරිසක් මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඉන්දියාවේ ආරක්ෂාව වෙනුවෙන් තම දිවියේ සෑම දෙයක්ම කැප කළ වීරයන් කිහිප දෙනෙකුගේ කතාවක් ගැනයි මේ Crackdown 2020 ඔස්සේ දිග හැරෙන්නේ.
රෝ (RAW) සංවිධානය එහෙමත් නැතිනම් ඉන්දියාවේ විදේශ බුද්ධි අංශ සේවාව වෙන Research and Analysis Wing හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියෙක් වෙන Riyaaz Pathan නොහොත් RP විසින් තම අනෙකුත් නිලධාරින් සමඟන් ත්‍රස්තවාදීන් ඉන්න ෆාර්ම් හවුස් එකක් වටලනවා.
ඔවුන් මේ මෙහෙයුම කරන්නේ ඔවුනට ලැබුන බුද්ධි තොරතුරක් පදනම් කරගෙනයි. ඔවුන් මෙහෙයුම කරන අතරතුරේදී ත්‍රස්තවාදීන් සමඟින් සිටි කාන්තාවක් මිය යනවා. බුද්ධි තොරතුරු වල සඳහන් නොවුන මේ කාන්තාවගේ මරණය නිසා RP ඇතුලු රෝ සංවිධාන නිලධාරින් උභතෝකෝටික ගැටලුවකට මුහුණ දෙනවා. ඒ තමයි කතා මාලාවේ ආරම්භය.
එතකොට ඔවුන්ගේ මෙහෙයුම කුමක්ද?
එම කාන්තාවගේ මිය යාම නිසා ඔවුන්ට මොන වගේ ගැටළු වලට මුණ දෙන්න වෙයිද?
451 Views
Comments