උස්සන්ගොඩ කඳු මුදුනට නාසා එකෙන් ඇවිත් අඟහරු පාෂාණ සොයයි.

අඟහරු ග්‍රහයාගේ පිහිටි පාෂාණවලට සමරූපී පාෂාණ අම්බලන්තොට උස්සන්ගොඩ කන්දේත් පිහිටා ඇත්දැයි සොයා බැලීම සඳහා නාසා ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් ප්‍රමුඛ මෙරට පරීක්ෂණ කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.
2018 වසරේදී සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵල මත තවදුරටත් ඒවා ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා මෙම පරීක්ෂණ කණ්ඩායම උස්සන්ගොඩ කන්ද ආශ්‍රිත පිහිටි භූ ගර්භය පරීක්ෂා කිරීමට පැමිණි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ආචාර්ය ප්‍රසන්න ලක්ෂිත මහතා පවසා සිටියේය.
මෙම පරීක්ෂණ කණ්ඩායම උස්සන්ගොඩ කඳු මුදුනට දකුණට බෑවුම්ව ඉන්දියන් සාගරයට මායිම්ව පිහිටි පාෂාණ තට්ටුව නිරීක්ෂණය කළ අතර, එහිදී එහි නියැඳි කොටස් ලබා ගැනීම ද සිදුවිය.
ලා කොළ පැහැයෙන් යුතු මෙම පාෂාණ තට්ටුව කොටස් කිහිපයකින් පිහිටා තිබීම මෙහිදී ඉතාම පහසුවෙන් දැක ගැනීමට හැකි වී තිබීම ද විශේෂත්වයකි.
605 Views
Comments