බෝට්ටුවලට පහරදෙන මුහුදු මැරයන්

Killer Whale ලෙසින් හඳුන්වන Orca මත්ස්‍යයින් විසින් යුරෝපයේ නිරිතදිග සාගර කලාපයේ ගමන් කරන සංචාරක බෝට්ටුවලට එල්ල කරන ප්‍රහාරයන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
මේ වසරේ පමණක් ප්‍රහාරයන් 60 ක් අදාළ කලාපය තුළ සිදු වී ඇත.
මොවුන් සාමාන්‍යයෙන් මිනිසුන් සමඟ ගැටුම් ඇති කරගන්නේ නැති වුණත් විද්‍යාඥයන් මත පළ කරන්නේ මොවුන්ගේ රැලේ සිටින කම්පනයට පත්වෙලා තරහින් ඉන්න කෙනෙකුගේ හැසිරීමක් ඒ රැලේ ඉන්න අනිකුත් තරුණ පිරිස් විසින් අනුගමනය කරමින් සිටින බවයි.
බොහෝ වෙලාවට රැලේ ඉන්න නායකත්වය ගන්න වැඩිහිටි ගැහැනු Orca කෙනෙකු තරමක් පීඩනයකින් හා කෝපයකින් පසුවනවා ඇත. ඇය සමහර විට මාළු දැලක් හෝ බෝට්ටුවක් නිසා යම් පීඩාවකට පත්වෙන්න ඇති බවත්, ඒ කෝපය නිසා මෙලෙස සංචාරක යාත්‍රාවන්ට පහර දෙන බවත් දැනට මත පළ වී තිබේ.
මොවුන් සෑහෙන්න බුද්ධිමත් ජීවින් කොට්ඨාසයකි. මොවුන්ගේ ශක්තියත් සමඟ කුඩා ප්‍රමාණයේ සංචාරක බෝට්ටුවක් ඉතාමත් පහසුවෙන් විනාශ කර හෝ පෙරළා දැමිය හැක.
362 Views
Comments