කාන්තාවකට කොපමණ දරාගන්න පුළුවන්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

කාන්තාවකට කොපමණ දරාගන්න පුළුවන්ද?

කාන්තාවකට කොපමණ දරාගන්න පුළුවන්ද?

2020 ජූනි 19 වන දින Ram Madhavani, Sandeep Modi, Vinod Rawat, Kapil Sharma යන අයගේ අධ්‍යක්ෂණයෙන් හැඩවී Disney plus hotstar වෙත නිකුත් වූ මෙය හොඳම කතාමාලාව ලෙස ජාත්‍යන්තර එමී සම්මානය සඳහා නිර්දේශ වේ.



එමෙන්ම මෙහි දෙවෙනි කතා මාලාවකුත් නිකුත් වී ඇත. තුන්වෙනි කතා මාලාවේ නිෂ්පාදක කටයුතු සිදුවෙන බවටද වාර්තා වේ.



Sushmitha sen මෙහි ප්‍රධාන චරිතය (ආර්යා) නිරූපණය කරන අතර සෙසු චරිත සඳහා Chandrachur Singh, Namit Das, Ankur Bhatia, Vikas Kumar රංගනයෙන් දායක වේ.



ආර්යා කියන්නේ සාමාන්‍ය විවාහ ජීවිතයක් ගත කරන ධනවත් පවුලක ඉපදුනු තිදරු මවක් වේ. ඇගේ සැමියා වන තේජ් ඖෂධ නිෂ්පාදනය කරන සමාගමක සම අයිතිකරුවෙකි. ඉතින් දවසක් මේ සමාගමේ තවත් සම අයිතිකරුවෙක් කරන ගනුදෙනුවක් නිසා තේජ්ගේ මේ පවුලම කනපිට හැරේ.



ඉතින් මොකක්ද මේ කරන ගනුදෙනුව?
කාත් එක්කද මේක කළේ?
මේ ගනුදෙනුව නිසා තේජ්ට මොනවා වෙයිද?
ආර්යා කොහොමද මේ හැමදේටම තනියම මුහුණදෙන්නේ?

views

420 Views

Comments

arrow-up