හොල්මන් අවතාර අල්ලා දෙනු ලැබේ.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

හොල්මන් අවතාර අල්ලා දෙනු ලැබේ.

හොල්මන් අවතාර අල්ලා දෙනු ලැබේ.

Bring It On, Ghost නැත්නම් Let's Fight Ghost කියන්නේ Ok Taec Yeon, Kim So Hyun සහ Kwon Yul රංගනයෙන් දායක වුනු දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවක්.



මේක 2016 ජූලි 11 සිට අගෝස්තු 30 දක්වා tvN ඔස්සේ විකාශය වුනා. කථාංග 16 කින් යුක්ත වුනු මේ කතා මාලාවට දේශීයව සහ ජාත්‍යන්තරව හොඳ ප්‍රතිචාරයක් ලැබුනා වගේම මේක 2016 අවුරුද්දේ කොරියාවේ වැඩිම පිරිසක් නැරඹූ කේබල් නාට්‍ය ලෙස ශ්‍රේණිගත කරලා තියෙනවා.



මේ කතාවෙන් කියවෙන්නේ අවතාර දකින්නත් ඒ අවතාර අල්ලන්නත් පුලුවන් පිරිමි ළමයෙක් ගැනයි, තමන් මැරුනෙ ඇයි තමන්ගෙ අතීත මතක මොනාද කියල හොයන පාසල් සිසුවියක් ගැනයි.



පාර්ක් බොන්ග් පල් කියන්නේ විශ්ව විද්‍යාල සිසුවෙක්. එයාට විශේෂ හැකියාවක් තියෙනවා. ඒක තමයි අවතාර දකින්නත් ඒ අවතාර අල්ලන්නත් පුලුවන්කම.



එයා ජීවත් වෙන්නේ තනියම. තමන්ගෙ හැකියාවෙන් බොන්ග් පල් ගොඩක් සල්ලි හම්බ කරනවා. ඒත් එයාගෙ ඉලක්කෙට යන්න ඒ සල්ලි හොඳටම මදි.



ඉතින් මෙහෙම ඉද්දි දවසක් එයාට කෙනෙක් ඉල්ලීමක් එවනවා. වොන් මිලියන 10 කට අවතාරයක් අල්ලන්න කියලා. මුදල ගැන අහපුවම බොන්ග් පල් එකපාරින්ම වැඩේට කැමති වෙනවා.



මේ අවතාරෙ ඉන්නේ කාන්තා පාසලක. ඉතින් බොන්ග් පල්ට මේ අවතාරෙ අල්ල ගන්න පුලුවන් වෙයිද? එයාට මිලියන 10 ම ලැබෙයිද?

views

409 Views

Comments

arrow-up