තවමත් සැමියාගේ සෑයට පනින ඉන්දියානු කාන්තාවෝ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

තවමත් සැමියාගේ සෑයට පනින ඉන්දියානු කාන්තාවෝ

තවමත් සැමියාගේ සෑයට පනින ඉන්දියානු කාන්තාවෝ

සති පූජාව යනු සැමියා මියගිය පසු ඔහු පුළුස්සන සෑයට බිරිඳ පැන ඇයගේ දිවි නසාගැනීමේ චාරිත්‍රයකි. මෙය බොහෝවිට කාන්තාව විසින් ස්වේච්චාවෙන් සිදු කළ යුතු ක්‍රියාවක් විය.



කාන්තාව සති පූජාව ස්වේච්චාවෙන් සිදු නොකරන අවස්ථාවල ඇයගේ කැමැත්තක් නොමැතිව වුවද බලහත්කාරයෙන් ඇයව ස්වාමියාගේ ගිනි මැලයට ඇද දමයි. සති පූජාව බහුලව දැකිය හැකි රටක් ලෙස ඉන්දියාව හැදින්විය හැක.



ඉන්දීය සමාජය තුළ සති පූජාවේ ආරම්භය පිළිබද විවිධ ජනප්‍රවාද පවතී. සාවිත්‍රී නමැති කාන්තාව හා සම්බන්ධ ජනප්‍රවාදය ඉන් ප්‍රධාන තැනක් උසුලයි.



සාවිත්‍රී විවාහ වී සිටියේ සත්‍යවාන් නම් පුරුෂයෙකු සමගයි. සත්‍යවාන් මියගිය පසු ඔහුගේ ආත්මය රැගෙන යාමට යමරජු පැමිණ ඇත. සාවිත්‍රී යමරජු ඉදිරියේ බැගෑපත් වෙමින් කියා සිටියේ තම ස්වාමියාට ජීවය ලබාදී ඒ වෙනුවට ඇගේ ප්‍රාණය ලබා ගන්නා ලෙසයි.



නමුත් යමරජුට මෙය කිරීමට හැකියාවක් තිබුණේ නැත. ඉන්පසු සාවිත්‍රී බොහෝදුරක් යමරජු ලුහු බැඳ යන්නට විය. මේ නිසා ඇයගේ ශරීර ශක්තිය ද අඩුවන්නට පටන් ගන්නා ලදී. මෙය දුටු යම රජු ඇයට වරමක් ලබා දෙන ලදී.


මෙම වරමට අනුව ඇයට මැරුණු ස්වාමියාගේ පණ හැරෙන්නට වෙන ඕනෑම දෙයක් ලබාගත හැකි විය. තමාට ලැබූ වරමෙන් ප්‍රයෝජන ලබාගත් සාවිත්‍රී තමාට සත්‍යවාන්ගෙන් දරුවන් අවශ්‍ය බව පැවසිය. මේ නිසා යමරජුට නැවත සත්‍යවාන්ට පණ දීමට සිදු විය.


මෙම පුරාවෘත්ත වලට පදනම් වූ කිසිදු කාන්තාවක් තම ස්වාමියාගේ සොහොනේ සිය දිවි හානි කරගත්තේ නැත. එසේ සිදු කළ යුතුය යන චාරිත්‍රය නිර්මාණය වූයේ ආගමික පසුබිමකින් නොව සමාජ පසුබිමක් තුළිනි.


සති පූජාව ආරම්භ වීමට හේතුන් කීපයක් දක්වා තිබේ. බොහෝ තරුණ ඉන්දියානු කාන්තාවන් තමාට වඩා තරමක් වයසින් වැඩි ධනවත් පුරුෂයින්ට විවාහ කර දීමට එම කාන්තාවන්ගේ දෙමාපියන් ප්‍රියතාවයක් දැක්විය. තමාගේ අකමැත්තෙන් සිදු කෙරෙන මෙම විවාහයන්ට ස්ත්‍රීන් ප්‍රිය නොකළ අතර සැමියාට ආදරය කළේ ද නැත.



එම නිසා ඔවුන් බොහෝ විට තම ධනවත් ස්වාමියා වස පොවා මරා දමා තම ප්‍රේමවන්තයා විවාහ කර ගැනීමට පටන්ගන්නා ලදී. මේ හේතුවෙන් ස්වාමියා මිය යන විට බිරිඳත් මිය යා යුතුය යන සංකල්පය සමාජය තුළ ගොඩ නැගුණි.


සති පූජාවට පදනම් වූ තව එක් හේතුවක් වන්නේ ඊර්ෂියා සහගත රැජිණකි. එම රැජිණ අසා තිබූ පරිද්දෙන් රජ කෙනෙකු මියගිය විට ඔහු පිළිගැනීමට ස්වර්ගයේ බොහෝ කාන්තාවන් බලා සිටි.



මෙය වැළැක්වීමට සිතූ ඇය තම ස්වාමියාගේ සොහොනේ තමාවද පුළුස්සා දමන ලෙස ඉල්ලීමක් කරන ලදී. එවිට ඇයට තම ස්වාමියා සමග ස්වර්ගයට ගොස් ඔහු අන් කාන්තාවන්ගේ ඇසුරින් මුදවාගත හැක.

views

376 Views

Comments

arrow-up