වියරු පළිගැනීම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

වියරු පළිගැනීම

වියරු පළිගැනීම

තාෂා කියන්නේ තරුවක් වෙන්න සිහින දකින යුවතියක්. ඇය රැකියාව වශයෙන් කරන්නේ රාත්‍රි සමාජශාලා වල නර්තනයන් ඉදිරිපත් කරන එක.



ඇය කරදරයකට මුහුණ දීලා ඉන්න වෙලාවක රාජ්විර් නැමැති තරුණයෙක් ඇයට උපකාර කරනවා. මේ දැන හඳුනගන්න සම්බන්ධකම ටිකක් දුරදිග යාම නිසාම වගේම තාෂාගේ හීන ගැන දැනගත්ත රාජ්විර් ඇයට උදව් කරනවා.



රාජ්විර් ගේ අයියා තමයි ආර්යන් කියන්නේ. වෙළද දැන්විම් හදන ආයතනයක ප්‍ර‍ධානියෙක්. තමන්ගේ මල්ලි මේ හදුන්වලා දුන්න තාෂා කියන කෙනාව නිරුපිකාවක් කරන්න ආර්යනුත් උදව් කරනවා.



මේ අතර ආර්යන්ට තාෂා ගැන හිතක් පහල වෙනවා. ආර්යන් දන්නවා තමන්ගේ මල්ලි රාජ්විර් ඇයට ආදරය කරනවා කියලා. නමුත් ආර්යන් හිතාගන්නවා කොහොම හරි තමන්ගේ මල්ලිට කලින් ඇයගෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනය අරගන්න.

views

397 Views

Comments

arrow-up