මන්දිරයේ සැරිසරන භූතාත්මය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

මන්දිරයේ සැරිසරන භූතාත්මය

මන්දිරයේ සැරිසරන භූතාත්මය

අයුශ් ඉන්දියාවේ සිටින දක්ෂ පියානෝ වාදකයෙක්. එත් ඔහු ඒවා ඉගෙන ගන්නේ කිසිම පුහුණු කදවුරකටවත්, සංගීත පංතියකටවත් සහභාගි නොවි තනිවමයි.



ඒකට විශේෂ හේතුවක් තියනවා. ඒ තමයි අයුශ්ලා හුගක් දුප්පත්. දවසක් අයුශ්ගේ තාත්තා එයා වැඩ කරන තැන අයිතිකාරයා වන වාඩියා මහත්තයාට අයුශ්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න අවස්ථාව සලසලා දෙනවා.



ඉතින් අයුශ්ගේ පියානෝ වාදනයට වසඟ වන වාඩියා මහතා එයාව එංගලන්තයේ යෝක් සරසවියේ සංගීතය හදාරන්න යවනවා. එයාට නවතින්න යෝක් වල තියන වඩියා මහත්තයාගේ මන්දිරය ලබා දෙනවා.



ඉතින් අයුශ්ගේ පියානෝ වාදනයන් කොච්චර රසවත්ද කියනවනම් ටික දවසකින් නගරයේ ඉන්න හැම කෙනෙක්ම වගේ ඔහුගේ වාදනයන් අහන්න වාඩියා මන්දිරයට යන්න එන්න ගන්නවා.



ඒත් එක දවසක් මහ අමුතු දෙයක් සිද්ද වෙනවා. එදායින් පස්සේ අයුශ් ගෙදරින් එළියට බහින්නත් බය වෙනවා. නපුරු ආත්මයක් වඩියා මහත්තයාගේ ගෙදරට ඇවිත් අයුශ්ව බය කරනවා.



දවසක් අයුශ් පත්තරේ බලනකොට දකිනවා රෝස් කියලා ගැහැනු කෙනෙක් ගැන. එයාට ආත්මත් එක්ක කතාකරන්න පුළුවන්. ඉතින් අයුශ් රෝස්ව හොයාගෙන යනවා. ගිහින් එයාට හැම දෙයක්ම කියනවා.



කොහොම හරි අවසානෙදි අයුශ් රෝස් එක්ක එකතු වෙලා මේ කතාවේ සුලමුල හොයාගන්නවා.

views

387 Views

Comments

arrow-up