හොල්මන් ගෙදර දවස් හතරක්

සරවනා කියන්නේ මැලේසියාවේ ව්‍යාපාර කරගෙන ඉන්න කෙනෙක්. ඉතින් එයා එහේ ඉන්න අතරේ තමයි ඉන්දියාවේ සිද්ධවෙන නායයෑමකින් එයාගේ අම්මා තාත්තා නැතිවෙන්නෙ.
මැලේසියාවෙන් එන සරවනාට එයාගේ අම්මායි තාත්තායි ඉතුරු කරල යන එකම දේපල එයාලගෙ ගෙදර. සරවනා, අම්මා තාත්තා නැති ගෙදරකින් එයාට වැඩක් නෑ කියල ඒක විකුනන්න හදනව. ඒත් සිද්ධ වෙන්නෙ කවුරුවත් නොහිතපු දෙයක්.
මොකද ඒ ගේ බලන්න එන අයට ගේ ඇතුලේ හොල්මන් පේන්න ගන්නව. ඉතින් මේකට කරගන්න දෙයක් නැතිව ඉන්න සරවනා ලගට සෙන්තිල් කියල පුද්ගලයෙක් ඇවිල්ල කියනව, එයා තව තුන් දෙනෙක් එක්ක මේ ගෙදර දවස් හතරක් නැවතිලා ඉදල හොල්මන් නෑ කියල ඔප්පු කරන්නම් කියල.
ඉතින් ඒකට කැමති වෙන සරවනා මෙයාලට ඒක කරන්න ඉඩදෙනවා. ඉතින් සෙන්තිල් එයාගේ යාලුවෝ හතර දෙනත් එක්ක මේ ගෙදරට යනවා.
ඇත්තටම ඒ ගෙදර හොල්මන් ඉන්නවද? සෙන්තිල් ඇතුලු අනිත් අයට මොකක්ද වෙන්නේ?
569 Views
Comments