මායාවන්ගෙන් පිරුණු නෙට්ෆ්ලික්ස් කතාමාලාව

මෑත කාලයේ ඉතා ජනප්‍රියත්වයට පත් කතා මාලාවක් තමයි The Witcher කියන්නෙ. මීට පෙර එහි කතා සමයන් (Season) දෙකක් නිකුත් වෙලා තිබුණා.
මුල් කතාසමයන් දෙකම එකවර නිකුත් කරපු Netflix වලින් මේ වතාවේ විචර් තුන්වන කතා සමය නිකුත් වෙන්නෙ කොටස් දෙකක් විදිහට. මුල් කොටස් පහ ඇතුලත් Part A ජුනි 29 වැනිදාත්, ඉතිරි කොටස් තුන ඇතුලත් Part B ජූලි 27 වැනිදාත් නිකුත් කරා.
The Witcher කියන්නෙ සම්පුර්ණ නවකතා පොත් අටකින් සමන්විත කතා පෙලක්. මුල් කතාසමය නිර්මාණයට ‘The Last Wish’ හා ‘Sword of Destiny’ පාදක වෙද්දී දෙවැනි කතාසමයට පාදක වෙලා තියෙන්නෙ ‘The Last Wish’ හා ‘Blood of Elves’ නවකතා පොත් දෙක වගේම ‘Time of Contempt’ කියන නවකතාවෙ මුල් ආරම්භයයි.
346 Views
Comments