උරණ වූ ඩොල්ෆින්ලා මිනිසුන්ව සපාකයි.

ජපානයේ වෙරළ තීරයකදී ඩොල්ෆින් මත්ස්‍යයින් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පිහිනුම් ක්‍රීඩකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.
ෆුකුයි ප්‍රාන්තයේ මිහාමා නගරයේ සුයිෂෝහාමා වෙරළට මීටර් කිහිපයක් ඔබ්බෙන් ඩොල්ෆින් මත්ස්‍යයෙකු පහර දීමෙන් 60 හැවිරිදි පුද්ගලයෙක්ගේ ඉළ ඇට කැඩී ඇති අතර අත් සපා කෑමට ලක්ව ඇත.
එම දිනයේදීම තවත් 40 හැවිරිදි පුද්ගලයෙකුගේ අත සපා කෑමට ලක්ව ඇති අතර පසු දිනයේදී ද ඩොල්ෆින් මත්ස්‍යයින් විසින් පහරදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
පිහිනුම් කරුවන්ට මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් වෙත ළංවීම හෝ ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසට පුවරු සවි කර ඇත.
ඩොල්ෆින් සාමාන්‍යයෙන් මිනිසුන්ට ආක්‍රමණශීලී නොවන නමුත් මෙවැනි පහරදීම්වලට හේතු වී ඇත්තේ ඔවුන්ගේ හැසිරීම් රටාවට බාධා කරන මිනිස් ක්‍රියාකාරකම් බව සාගර විද්‍යාඥයින් පවසයි.
422 Views
Comments