ප්‍රේමය නිසා යළි පැමිණි සැඟවූ අතීතය

The Night Manager (2023) කියන්නේ එහි බ්‍රිතාන්‍ය කතාමාලාවේ ඉන්දියානු ප්‍රති නිර්මාණය. හැබැයි ඉන්දියන් හුරුවට කතාව ගොඩක් වෙනස් කරලයි තියෙන්නේ.
මේ කතාමාලාව එලි දැක්වෙන්නේ Disney Hotstar හරහා. බ්‍රිතාන්‍ය කතාමාලාව කොටස් 6 කින් විතරක් යුක්ත වුණාට මේ හින්දි නිර්මාණයේ දැනට නිකුත් වෙලා තියෙන්නේ නම් කොටස් 04 යි.
The Night Manager ඉන්දියන් කතා මාලාවට රංගනයෙන් එකතු වෙන්නේ Aditya Roy Kapoor, Anil Kapoor, Sobhita Dhulipala, Tillotama Shome, Saswata Chatterjee කියන ප්‍රධාන ධාරාවේ නළු නිළියෝ.
ශාන් සෙන්ගුප්තා කියන්නේ බංගලාදේශයේ ඉහල පෙලේ හෝටලයක රාත්‍රී කළමනාකරුවෙක් විදිහට වැඩ කරන කෙනෙක්. සාමාන්‍ය ජීවිතයක් අරන් ගියාට මෙයාට අබිරහස් යටගියාවකුත් තියෙන බව පේනවා.
ඉතින් ශාන් ඒ අතීතයට සමු දීලා සාමකාමී වර්තමානයක් තමා ගෙවමින් හිටියේ. ඔය අතරේ තමා මියන්මාරයේ රෝහින්‍යා ජාතිකයින් පිටුවහල් කරන්නෙ. මේ සිදුවීම් හින්දා බංගලාදේශයේ පවා දරුණුවටම කලබල ඇති වුණා. හෝටලේ හිටිය අමුත්තෝ හිටියෙත් මේ නිසා හරිම කලබලෙන්.
ඔය අතරෙදි තමා ශාන්ට සෆීනාව හම්බවෙන්නේ.ඒ හමුවීම සිද්ධ වුණේ හරිම අමුතු විදිහට. මේ සෆීනා ඇවිල්ලා ශාන්ගේ ජීවිතේ කොච්චර වෙනස් කරනවද කිව්වොත් ශාන්ගේ ඒ තිබුණු සාමකාමී ජීවිතේටම කණ කොකා අඬන්න ගන්නවා.
399 Views
Comments