රිදී තිරයෙන් නැවත හමුවන ෂාරුක් ඛාන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

රිදී තිරයෙන් නැවත හමුවන ෂාරුක් ඛාන්

රිදී තිරයෙන් නැවත හමුවන ෂාරුක් ඛාන්

ෂාරුක් ඛාන්ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන ‘Jawan’ චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා තිබේ.



Jawan’ අධ්‍යක්ෂණය කර ඇත්තේ කොලිවුඩ් සිනමාවේ ප්‍රමුඛ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අට්ලි කුමාර් විසිනි. චිත්‍රපටය ට බොලිවුඩ් සහ කොලිවුඩ් නළු නිළියන් රංගනයෙන් දායකත්වය දක්වා ඇත.



ෂාරුක් ඛාන්, නයන්තරා, ප්‍රියමානි, සන්‍යා මල්හෝත්‍රා, යොගි බාබූ, සුනිල් ගෝවර්, සිමාජීත් සින්ග් නග්රා, අසී බග්රී, මනහාර කුමාර් මෙම චිත්‍රපටයේ චරිත නිරූපනය කරයි. අනිරුද් රවිචන්ද්‍ර විසින් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබේ.



Jawan මංගල දර්ශනය එළැඹෙන සැප්තැම්බර් මස 07 වනදා ලොවපුරා එකම මොහොතක සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.



චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය - https://www.youtube.com/watch?v=k8YiqM0Y-78

views

334 Views

Comments

arrow-up