ජීවිතය වෙනස් කළ අබිරහස් ලියමන

මේක රිලීස් වුනේ 2021 දෙසැම්බර් 31 වෙනිදා. මේකේ නම තමා Stay Close. කතාව ලියලා තියෙන්නේ Harlan Coben. මේක එපිසෝඩ් 8 කින් සමන්විත සීරීස් එකක්.
Cush Jumbo මේගන් පියර්ස් විදියටත්, Richard Armitage රේ ලෙවින් විදියටත්, Daniel Francis ඩේව් ශෝ විදියටත් මෙහි රංගනයෙන් දායක වේ.
කතාව පැත්තට ගියොත් මේගන් සහ ඩේව් කියන්නේ කසාදේ කල් දදා ජිවත් වෙන කපල් එකක්. කසාදේ කල් ගියාට ලමයි තුන් දෙනෙක් ඉන්නවා.
මේ මේගන් දවසක පාටියකට (ස්ටැග් නයිට් එකකට – බඳින්න කලින් කෙල්ලො විතරක් ගන්න පාටි එකක්) එලියට ගිහිල්ලා ගෙදර එද්දි ඉස්සරහ දොර ගාව බෝතලේක හේත්තු කරල ලියුමක් තියල තියෙනව. ඒ ලියුමේ කවරේ Cassie කියල ලියලා තියනව. ඇරල බලද්දි නිකන් හිස් කාඩ් එකක් හම්බෙනවා. ඔතනින් තමා කතාව පටන්ගන්නේ.....
330 Views
Comments