බිරිඳ පුදුම කරන්න කරපු අපූරු වැඩේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

බිරිඳ පුදුම කරන්න කරපු අපූරු වැඩේ

බිරිඳ පුදුම කරන්න කරපු අපූරු වැඩේ

ඇමරිකාවේ ගොවියෙක් තම බිරිඳට ඔවුන්ගේ 50 වැනි විවාහ සංවත්සරය සැමරීම සඳහා අක්කර 80 ක භූමි භාගයක සූරියකාන්ත මල් මිලියන 1.5 ක් රෝපණය කර තිබේ.



Lee Wilson පැවසුවේ සූරියකාන්ත මල්වලට ආදරය කරන තම බිරිඳ Reni ට පුදුම සහගත තෑග්ගක් ලබාදීමේ අරමුණින් තමා මෙය සිදුකළ බවයි.



Wilson මැයි මාසයේදී බිරිඳට රහසින් සූරියකාන්ත පැළ සිටුවීමට තම පුතාගේ සහාය ලබා ගෙන තිබේ.



මල් ප්‍රමාණය සහ භූමි ප්‍රමාණය සලකා බලන විට අක්කරයකට සූරියකාන්ත මල් 15,000 ක් සිටුවා ඇත.



එම චමත්කාරජනක දසුන දැකීමට සහ ඡායාරූප ගැනීමට සූරියකාන්ත මල් සිටවා ඇති ප්‍රදේශයට විශාල පිරිසක් පැමිණෙමින් සිටී.

views

386 Views

Comments

arrow-up