ඊතල වලට විස පොවන අලංකාර ගෙම්බන් විශේෂය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

ඊතල වලට විස පොවන අලංකාර ගෙම්බන් විශේෂය

ඊතල වලට විස පොවන අලංකාර ගෙම්බන් විශේෂය

විස ඩාට් ගෙම්බන් ඇමසන් වනාන්තරයේ ගංගා, ඇළ දොළ, වගුරු බිම් සහ විල් ආශ්‍රිත ව ජීවත් වේ. එම ගෙඹි විශේෂය විස ඩාට් යන නමින් හඳුන්වන්නේ ඇමසන් වනාන්තරයේ ජීවත් වන ගෝත්‍රිකයන් සතුන් සහ සතුරන් දඩයම් කිරීම සඳහා මෙම ගෙම්බන්ගේ විස ආලේප කළ ඊතල භාවිත කරන නිසා යි.



මෙම අපූරු ගෙඹි විශේෂය රන්, තඹ, රතු, නිල්, තැඹිලි, කහ සහ කොළ ඇතුළු විවිධ වර්ණවලින් දැකගත හැක. ඒ අයුරින් අලංකාර වර්ණයන්ගෙන් යුක්ත වුණත් මෙම ගෙම්බන්ගේ සිරුරේ මාරාන්තික විස ප්‍රමාණයක් එකතු වී තිබේ.
 


යම් කිසි විලෝපිකයකු විස ඩාට් ගෙම්බකු අනුභව කළහොත් විස ශරීරගත වීම හේතුවෙන් මුළු සිරුර ම ඉදිමී, ඔක්කාරය ඇති වී මරණය උරුම වේ. ඇමසන් වනාන්තරයේ ජීවත් වන එක්තරා සර්ප විශේෂයක් නම් විස ඩාට් ගෙම්බන් කිසිදු ගැටලුවකින් තොර ව ආහාරයට ගනී. ඒ අනුව Leimadophis Epinephelus නම් එම සර්පයා විෂ ඩාට් ගෙම්බන්ගේ එක ම ස්වභාවික විලෝපිකයා බවට පත් ව ඇත.

views

514 Views

Comments

arrow-up