මතකය අහිමි වූ රහස් නියෝජිතයා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

මතකය අහිමි වූ රහස් නියෝජිතයා

මතකය අහිමි වූ රහස් නියෝජිතයා

Citadel කියන්නේ Amazon Prime Video සඳහා Josh Appelbaum, Bryan Oh සහ David Weil විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු රූපවාහිනී කතා මාලාවක්. මේකේ විධායක නිෂ්පාදකයින් වෙන්නේ Russo සහෝදරයන්. ඒ වගේම Richard Madden සහ Priyanka Chopra Jonas පිළිවෙළින් Citadel නියෝජිතයන් වන Mason Kane සහ Nadia Sinh ලෙස රංගනයෙන් දායක වෙනවා.



සිටඩෙල් කියන්නේ ඔත්තු සේවයක්. ඒ වගේම කිසිවෙකුට පක්ෂපාතී නැති පිරිසක්. ජන යහපතට තමයි වැඩ කරන්නේ. ඒත් යම් පාවා දීමක් නිසා සිටඩෙල් ඇදගෙන වැටෙනවා වගේම සිටඩෙල්හි තාක්ෂණික උපක්‍රමයන් ඇතුළුව නියෝජිත පිරිසද ඝාතනය වෙනවා.



නමුත් ලෝකයක් විනාශ කරන්න පුළුවන් තරමෙ සිටඩෙල්හි රහස් අඩංගු සූට් කේස් එකක් තවමත් ඉතුරුව පවතිනවා වගේම එය සොයාගන්න යම් යම් අය පොරකනවා.



ඉතිං සිටඩෙල් වලට සිදුවුනු ප්‍රහාරයෙන් අපේ වීරයාගේ මතකය අහිමිව යනවාත් එක්කම ඔහු යළිත් අපට පෙන්වන්නේ වසර 8 කට පසු කාලයකින්. ඉතිං ඔහු රහස් නියෝජිතයෙක් කියලා ඔහුවත් දන්නෙ නෑ. ලස්සනට ළමයෙක් බිරිදක් එක්ක දිවිය ගෙවන් යන ඔහු අතරට නැවතත් ප්‍රහාර එල්ල වෙන්න ගන්නේ නොහිතන අයුරින්.



ඉතිං සිටඩෙල් වලට කුමක් වෙයිද? මතකය නැති මේ නියෝජිතයට පුළුවන් වෙයිද නැවත සිටඩෙල්හි සූට්කේස් එක ආරක්ෂා කරගන්න?

views

399 Views

Comments

arrow-up