කොල්කටාවේ වැම්පයර් ආක්‍රමණය

Tooth Pari කියන්නේ 2023 වසරේ අප්‍රේල් මස 20 වෙනිදා Netflix නාලිකාව ඔස්සේ තිරගත වීම ආරම්භ කරපු කතාමාලාවක්.
මේකේ අධ්‍යක්ෂණය Pratim D. Gupta. රංගනයෙන් දායක වෙන්නේ Shantanu Maheshwari, Tanya Maniktala Anish Railkar, Revathi, Tillotama Shome, Sikandar Kher, Saswata Chatterjee, Adil Hussain ඇතුලු පිරිස.
සරලව කිව්වොත් මේක ඉන්දියන් වැම්පයර් කතාවක්. මේ කතාවේ කේන්ද්‍රය වෙන්නේ කොල්කටා නගරය. දැන් හරි සාමකාමි සන්සුන් නගරයක් වුණාට නගර වැසියෝ සතුටින් කාලය ගෙව්වට කාලයකට කලින් නම් මේ නගරයේ හැමතැනම තිබ්බේ භීෂණය විතරමයි. සාමාන්‍ය භීෂණයක් නෙමේ අමනුෂ්‍ය භීෂණයක්. මිනිස් ලේ පිපාසාවෙන් ඉන්න වැම්පයර් භීෂණයක්. කොහොමහරි එක මනුස්ස කොට්ඨාසයක් නිසා ඒ පිළිලය නගරයෙන් සදහටම සමු අරන් තිබ්බා.
සදහටම කිව්වත් ඒ වැම්පයර් භීෂණය කොල්කටා නගරයේ ආයෙ දළු දාන්න අරගෙනයි තිබ්බේ. මේ වෙද්දි ජීවිතේ බේරන් ඉන්න වැම්පයර් කණ්ඩායම පොලොව යට රහසිගත තැනක හැංගිලා ඉද්දි එක්කෙනෙක් විතරක් තමන්ගෙ නිදහස හොයාගෙන පොළවෙන් උඩ මනුෂ්‍ය ලෝකෙට ආවා ගියා. මිනිස්සු අතරම හැසිරුණා.
කඩවසම් තරුණයන්ව වසඟයට අරගෙන හිතේ හැටියට ලේ උරා බිව්වා. හැබැයි ඇය මේ හැමදේම කළේ හරි පරිස්සමට. ලේ උරාබොන කෙනාට සිද්ධ වෙන්න පුලුවන් හානිය පොඩි තුවාලයකට විතරක් සීමාවෙන්න වග බලාගෙනයි ඇය මේ කටයුත්ත කළේ. තවත් භීෂණයක් ඇති කරන්න එයාගෙ හිතේ කිසි බලාපොරොත්තුවක් තිබ්බේ නෑ.
රූමි, දැක්ක තැන තරුණයන්ව පිස්සු වට්ටන්න පුලුවන් ලස්සනක් හිමි කෙල්ලෙක්. කොල්කටා නගරයේ රාත්‍රියට කොහෙහරි සාදයක් තිබ්බොත් රූමි එතන ඇති. කවුරුහරි කොල්ලෙක්ව වසඟයට අරගෙන එයාගෙන් තමන්ගෙ පිපාසය සංසිඳවගන්න උත්සාහ කරන ගමන්. ඉතින් එදා දවස ටිකක් වෙනස් වුනේ රූමිට අමතරව ඒ වැඩේට තව කෙනෙක් එකතු වුනු නිසා. ඒ ශ්‍රීලා. රූමි තරම්ම වැඩේට අත්දැකීම් නැති නිසා රූමි හරි පරිස්සමට ශ්‍රීලාව මෙහෙයවනවා.
එතකොට අපේ අනිත් ප්‍රධාන චරිතය උඩ ලෝකේ ඉන්න රෝයි. සාමාන්‍ය මනුෂ්‍යයෙක්. දත් දොස්තර කෙනෙක්. තරුණයෙක් වුණත් තවමත් තමන්ගෙ දොස්තර තාත්තගෙ අණ පණත් වලට යටවෙලා ජීවත්වෙන ලැජ්ජාශීලි කොල්ලෙක්. කොල්කටා නගරය මැද්දේ මෙයා දන්ත සායනයක් පවත්වා ගෙන ගියා.
තාත්තගෙ බලකිරීමට දොස්තර කෙනෙක් වුණාට රෝයිගෙ හිත තිබ්බෙම ඉවුම් පිහුම් වැඩ වලට. මේ නිසා සායනයෙ වැඩ ඉවර වුණාම හැමදාම මෙයා කාටත් හොරා එයාගෙ අලුත්ම කෑම වට්ටෝරු වීඩියෝ කරලා යූටියුබ් දානවා. මේවා කරන්නේ මෙයාගෙ මූණ නොපෙන්වා.
දොස්තර රෝයිගේ පවුලෙ අය මෙයාට මනමාලියෙක් මුණගැහෙන්න කටයුතු කරලා තිබ්බා. සුපුරුදු විදිහටම කෙල්ල රෝයිව දැක්ක ගමන අකමැතිවෙනවා මෙයාගෙ තියෙන මේ බයාදු ගතියට.
එතනින් පස්සෙ මොකද වෙන්නෙ කියලා දැනගන්න කතාමාලාව නරඹන්නම වෙනවා.
449 Views
Comments