පාතාලය හා දේශපාලනය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

පාතාලය හා දේශපාලනය

පාතාලය හා දේශපාලනය

මේ 2022 වසරේ නොවැම්බර් 19 වන දින MX Player හරහා තිරගත වූ වෙබ් කතා මාලාවක්.

 

 

Sarthak Dasgupta විසින් තමා මේ කතා මලාව අධ්‍යක්ෂණය කලේ. Suniel Shetty හා Vivek Oberoi විසින් ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙනවා. ඒ වගේම Suniel Shetty දායක වූ පලමුවෙනි වෙබ් කතාමාලාවයි. Anngad Raaj, Sonali Kulkarni Sonali Kulkarni, Sonali Kulkarni යන අයත් රංගනයෙන් දායක වෙනවා. 

 

 

ධාරාවියේ දේශපාලන පොරය හා අපරාධ සම්බන්ධව මේ කතාව ගෙන එනවා. තලෛවන් (Suniel Shetty) කියන්නේ ධාරාවියෙ ඉන්න බලසම්පන්න කෙනෙක්. ඒ වගේම ඊලග ඡන්දෙ වෙනුවෙන් දේශපාලන වාසි ලබා ගන්න මහ ඇමතිනි ජාන්වි උත්සහා කරනවා. ඒ වගේම ACP ජයන්ත් මේ ධාරාවියෙ පාලන තන්ත්‍රයෙ යම් සිද්දි වෙනුවෙන් වැඩ කටයුතු කරනවා.

 

 

ධාරාවී කියන නම් අපි කාටත් පුරුදු වචනයක්. ඇතැම් සිනමාපට වල, ගීත වල ඔය නම නිතරම වගේ ඇහෙනවා. ඉතින් ඉන්දියාවේ විශාල මුඩුක්කු ප්‍රදේශයක් තමයි ඔය ධාරාවී කියන්නේ. 

 

 

ඔය කියපු ධාරාවී කියන ප්‍රදේශයේ නොකෙරෙන දෙයක්, සිද්ධ නොවෙන දෙයක් හිතාගන්නත් නැති තරම්. මේ ධාරාවිය පුරාම ආධිපත්‍ය පතුරගෙන හිටියේ එකම එක්කෙනෙක්. ඒ තමයි තලෛවන්. 

 

 

තලෛවන්ගේ නම කියපු ගමන් ඕනම කෙනෙක් පොඩ්ඩක් සලිත වෙනවා. ඒ මිනිහට තියෙන බය වගේම ගෞරවය හින්දත්. තලෛවන්ට තියෙන මේ බලය ඒ ප්‍රදේශයේ මහ ඇමතිනී ජාන්වීට ලොකු ප්‍රශ්නයක් වේගෙන ආවා. ඒ මොකද තලෛවන් තමයි එළඹෙන මැතිවරණයේදී විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් වියපැහැදම් කරන්නේ. මේ නිසා තලෛවන්ගේ මේ බලපරාක්‍රමය කොහොම හරි බිඳලා දාන්නයි ජාන්වී උත්සහ කරන්නේ. 

 

 

ඉතින් ජාන්වී මේ සැරේ ලොකු මෙහෙයුමක් කරන්නයි පොලිසියේ පිහිට පතන්නේ. තලෛවන්ව ඉවරයක් කරලම දාන්නයි එයාගේ එකම අරමුණ වුණේ. මේ අරමුණ නිසාම තලෛවන්ට නුදුරු අනාගතය පුරාම සැනසිල්ලේ නිදාගන්න බැරි වෙන තරමට වැඩ සිද්ධ කරන ලොකුම හතුරා බිහි වෙනවා. ඒ තමයි ජයන්ත්.

views

378 Views

Comments

arrow-up