ගුවන් යානයේදී සමහන් බොන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

ගුවන් යානයේදී සමහන් බොන්න

ගුවන් යානයේදී සමහන් බොන්න

CIC සමූහ ව්‍යාපාරයෙහි අනුබද්ධිත සමාගමක් වන ලින්ක් නැචුරල් (Link Natural), මෙරටේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවාව (SriLankan Airlines) සමඟින් එක් වී ඇත. ඒ අනුව ගුවන් යානය තුළදී මගීන්ට පිළිගැන්විය හැකි ශාකෞෂධීය පානයක් ලෙස ලින්ක් සමහන් හඳුන්වා දී ඇත.



ලින්ක් නැචුරල් යනු ආයුර්වේද ඖෂධවලට අමතරව ශාකෞෂධීය සෞඛ්‍ය සත්කාරක සහ ස්වසත්කාරක නිෂ්පාදනයන්හි මෙරටේ ප්‍රමුඛතම නිෂ්පාදකයෙක් සේම අලෙවිකරුවෙකි. එහි ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන් ආයුර්වේද ඖෂධ 14 ක සාරයෙන් යුක්ත හා 100% ක්ම ස්වභාවික ශාකෞෂධීය පානයකි.



වාර්තා වන අන්දමට ලින්ක් සමහන් ශ්‍රී ලංකන් ගුවන් සේවාව තුළ කෙටි ගුවන් ගමන් වලදී මෙන්ම දීර්ඝ ගුවන් ගමන් වලදීද මගීන්ට භුක්ති විඳීමට අවස්ථාව හිමිව ඇත.



මේ වනවිට ලින්ක් සමහන් ලෝකයේ රටවල් 30 කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරනු ලබයි. ලොව පුරා පාරිභෝගිකයන්ගේ ද විශ්වාසය දිනා ගැනීමට සමත්ව ඇති ලින්ක් සමහන් ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය නිරූපිකාවක වන නයෝමි කැම්බල්, වෝග් ඉන්දියා සඟරාව සමග මෑතකදී කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවක් අතර තුරදී මෙම නිෂ්පාදනය පැසසුමට ලක් කර තිබුණි.

views

430 Views

Comments

arrow-up