සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය පවත්වන දින දැනුම් දෙයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය පවත්වන දින දැනුම් දෙයි.

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය පවත්වන දින දැනුම් දෙයි.

සෙංකඩගල පුරවරයේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු මස 17 වන දින කප් සිටුවීමෙන් ආරම්භ වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.



17 වන දින අලුයම 6:12 ට වයඹ දිශාභිමුඛව සිව්මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වේ.



එතැන් සිට පුරා දින හතරක් එනම් අගෝස්තු මස 21 වන දින දක්වා දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වේ.



අගෝස්තු මස 21 වන දින සිට 25 වන දින දක්වා කුඹල් පෙරහර වීදි සංචාරය කරන අතර 26 වන දින සිට පුරා දින පහක් එනම් 31 වන දින දක්වා රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි.



අගෝස්තු මස 31 වන දින අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කොට සධාතුක පෙරහර කරඬුව ඓතිහාසික ගෙඩිගේ රජ මහා විහාරයේ තැන්පත් කිරීමෙන් අනතුරුව පසු දින අලුයම ගැටඹේ දියකපනා ගං තොටේ දී දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමට නියමිතයි.

views

356 Views

Comments

arrow-up