නොදැන විසි කරන දෙළුම් පොත්තේ ගුණ

මරණාසන්න රෝගීන් ඇතුළු, පෝෂණය අවැසි බොහෝ දෙනා වෙත එම පෝෂණය මොනවට ලබා දෙන ප්‍රධානත ම පළතුරක් ලෙස දෙළුම් හැඳින්විය හැක. බොහෝ දෙනෙක් මෙහි රසවත් වූ මදය ආහාරයට ගන්නේ උක්ත ගුණදායී බව නිසා පමණක් නොවේ. එහි මධුර රසය නිසා යි.
එසේ ආහාරය ගැනීමෙන් පසුව, එහි පොත්ත ඉවත දමන්නට පුරුදු වී සිටී. කෙසේ නමුත් ඒ ඉවත දමන්නේ දෙළුම් ගෙඩියෙහි මදය මෙන්ම ගුණවත්, නිධානයක් බඳු යමක් බැව් දැන සිටියා ද?
දෙළුම් පොත්තෙහි ඉතා සුවිශේෂී සංඝටක රාශියක් තිබේ. මේවා සෞඛ්‍යමය ගුණ රාශියක් මිනිසුන්ට ලබා දේ. මේ නිසා මෙය කුඩක් ලෙස සකසා ලොව බොහෝ රටවල ආයුර්වේද කටයුතු, රූපලාවන්‍ය කටයුතු මෙන් ම පානයක් ලෙස ද ජලය සමඟ මුසු කොට භාවිතයට ගැනේ.
දෙළුම් පොතුවල ඉහළ ප්‍රතිඔක්සිකාරක සහ පොලිෆීනෝල ප්‍රමාණයක් අන්තර්ගත යි. මේවා සමෙහි දුර්වර්ණභාවය දුරු කරලීමට උදවු වෙනවා. විද්‍යාත්මක පර්යේෂණවලට අනුව අව්වට නිරාවරණය වීම නිසා හෝ සමෙහි ආසාදන හේතුවෙන් දුර්වර්ණ වූ සම නැවත ප්‍රකෘතිමත් කිරීමටත්, කුරුලෑ ආසාදන අවම කිරීමටත්, සම ස්වභාවික ලෙස පැහැපත් කර, තරුණ පෙනුමක් ලබා දීමටත් දෙළුම් පොතු දායක වේ.
දෙළුම් පොතු සමහර රෝගාබාධවලට ඇති අවදානම අවම කරයි. මේවා භාවිත කිරීමෙන් හෘද රෝග සහ දියවැඩියාව වැලඳීමේ අවදානම අඩු වේ. විද්‍යාත්මක පර්යේෂණවලට අනුව දෙළුම් පොතු හෙවත් ලෙලි භාවිත කිරීම නිසා අධික තරබාරු අය අතර රුධිරගත සීනි ප්‍රමාණය අඩු කර ගැනීමට මෙන් ම, රුධිර පීඩනය ප්‍රශස්ත මට්ටමකට පවත්වා ගැනීමට උරදෙන බවට සාධක ලැබී තිබේ.
460 Views
Comments