කවුරුත් නොදන්න උග්‍රවිෂ මුහුදු සර්පයින්

නැව් පෙරළීමට තරම් විශාල මුහුදු සර්පයන් ගැන කතා අතීතයේ බටහිර රටවල පැතිර තිබුණි. උන් හමුවූ නාවිකයක් ඇඳි චිත්‍රත් ඒ සම්බන්ධ ප්‍රවෘත්තිත් 19 වැනි සියවසේ පුවත්පත්වල පළ වී ඇත.
ලෝකයේ මුහුදු සර්ප විශේෂ 70 ක් පමණ පැතිර සිටී. ඔවුන් අවුරුදු දහස් ගණකට පෙරදී මුහුදු ජීවිතයකට අනුවර්තනය වුණ ඉලැපිඩේ කුලයට අයත් සර්පයින් වේ. මෙම කුලය හයිඩ්‍රොෆිනේ සහ ලැටිකෟඩිනේ නමින් උප කුල දෙකකට වර්ග කර ඇත. ඒ අතරින් ලැටිකෟඩිනේ කුලයට අයත් වන්නේ මුහුදු කරවලුන් නම් සර්ප විශේෂයයි. බිත්තර මගින් උන් වර්ගයා බෝ කරයි.
හයිඩ්‍රොෆිනේ උපකුලයට පොදුවේ මුහුදු නයි හෙවත් වාලක්කඩි ලෙස හඳුන්වන සර්පයන් අයත් වේ. පූර්ණ කරදිය වාසී සතුන් ලෙස උන් හඳුන්වයි. දිග ම මුහුදු සර්පයා ලෙස හඳුන්වන්නේ මහ මුහුදු නයා (හයිඩ්‍රොපිස් ස්පිරාලිස්) වන අතර උගේ දිග අඩි 10 ක් පමණ වේ.
අතීතයේ පටන් තායිලන්තයේ මුහුදු සර්පයන් ඇල්ලීම සිදු වේ. බෝට්ටුවලින් ගොස් ඇම දමමින් උන් අල්ලා ගනී. අවදානම නොතකා කිමිදෙමින් දඩයම් කිරීමත් සිදුවේ. තායිලන්තයේ මුහුදු සර්ප සුප් ශක්තිය ලබාදෙන ආහාරයක් ලෙස සැලකේ. එම සුප් හෝටල්වල අධික මිල ගණන්වලට විකිණේ. ජපානයේ ද මුහුදු සර්පයන්ගෙන් සුප් වර්ග සාදයි.
ලංකාව අවට මුහුදු තීරයේ මුහුදු සර්පයන් වර්ග 15 ක් වාර්තා වේ. ඉන් විශේෂ 14 ක් වාලක්කඩියන් ලෙස හැඳින්වෙන ගණයට අයත් අතර මොවුන් සියල්ල ම උග්‍ර විෂ සහිත සර්පයින්ය. එක් විශේෂයක් අයත් වන්නේ මයික්‍රොසෙපාලිස් ගණයටයි. ශ්‍රී ලංකාව ආශ්‍රිතව වාසය කරනා මුහුදු සර්පයින් ප්‍රමාණයෙන් සෙ. මී. 75 සිට 300 ක් දක්වා දිග ප්‍රමාණවලින් වාර්තා වී තිබේ.
506 Views
Comments