ජීවය පැවතිය හැකි ග්‍රහලොවක් ගැන ඔත්තුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

ජීවය පැවතිය හැකි ග්‍රහලොවක් ගැන ඔත්තුවක්

ජීවය පැවතිය හැකි ග්‍රහලොවක් ගැන ඔත්තුවක්

අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නතම තරුව වන්නේ ප්‍රොක්සිමා සෙන්ටෝරි තරුවයි. නමුත් එය අයත් වන්නේ සූර්යයාට වඩා කුඩා, රතු වාමන (Red dwarf) නැමැති තාරුකා වර්ගීකරණයටයි.



මෙනිසා සූර්යයාට ආසන්නයෙන්ම ඇති සූර්යයා වැනිම තරුව වන්නේ මෙම තාරුකා පද්ධතියටම අයත් වන ඇල්ෆා සෙන්ටෝරි තරුවයි. එය පිහිටා තිබෙන්නේ ප්‍රොක්සිමා සෙන්ටෝරි තරුවට වඩා මඳක් දුරිනි.



මේ ආකාරයට සූර්යයාට ළඟින්ම ඇති සූර්යයා වැනි තරුවක් වන ඇල්ෆා සෙන්ටෝරි තරුව වටාද ග්‍රහලොවක් ඇති බවට සාක්ෂි විද්‍යාඥයන් විසින් මේ වන විට සොයා ගෙන තිබේ. මෙලෙස තිබිය හැකි ග්‍රහලොවක් පිළිබඳව වැදගත් ම කරුණ වන්නේ එය පිහිටා තිබෙන්නේ ඇල්ෆා සෙන්ටෝරි තරුව වටා ජීවය පැවතිය හැකි සීමාවේ (Habitable zone) වීමයි.



අනාගතයේ යම් දිනක මෙම ග්‍රහලොව මිනිසාගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පරිබාහිර ප්‍රථම මිනිස් නවාතැන වීමටද ඉඩ තිබේ.

views

462 Views

Comments

arrow-up