අනාවැකියේ කියැවෙන අනාගත රැජිනිය

මේ කතාමාලාව Willow 1988 චිත්‍රපටයට Sequel එකක් විදිහට තමා නිර්මාණය වෙන්නෙ. Lucas Film / Imagine Entertainment මේකෙ නිශ්පාදන කටයුතු කරනවා. 2022 නොවැම්බර් 03 Disney + හරහා මේ කතාමාලාවෙ පලවෙනි කොටස නිකුත් වුනා.
මුලින් Willow 1988 කතාව ගැන කිව්වොත් මිලියන 35 ක් වියදම් කරලා තමා මේ චිත්‍රපටය හදලා තියෙන්නෙ. ඒ කාලෙ තාක්ෂණෙත් එක්ක මේ චිත්‍රපටය සුපිරියටම හදල තිබුණා.
කතාව මෙහෙමයි. මිනිස්සු තුන් වර්ගයක් ඉන්නවා. ඩයිකිනී, නෙල්වින්ස්, බ්‍රවුනීස් කියලා. ඩයිකිනී කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට. නෙල්වින්ස් කියන්නෙ මිටි මිනිස්සුන්ට. බ්‍රවුනීස් කියන්නෙ පොඩි මිනිස්සු කණ්ඩායමකට.
Willow කියන්නෙ නෙල්වින්ස් කෙනෙක්. අනාවැකියක් තියෙනවා අතේ සලකුණක් තියෙන දරුවෙක් ඉපදිලා ඒ ළමයා ලොකු වෙලා ඒ රාජධානියෙ රැජිනව විනාශ කරනවා කියලා. දරුවා ඉපදුනාට පස්සෙ රැජින ළමයව අල්ලගන්න කලින් ආයාම්මා මේ ළමයව ගඟේ පා කරලා යවනවා.
මේ ලමයව Willow ගේ ළමයින්ට හම්බවෙනවා. මෙතනින් පස්සෙ Willow ගෙ ජීවිතේ වෙනස් වෙනවා. කොහොම හරි මේ ළමයව බලාගන්න Willow ට බාරවෙනවා. කතාව අවසානෙ නපුරු රැජින විනාශ වෙනවා. Willow මේ ළමයව, නැත්තං මේ ඊලග රැජිනව සෝශා කියන කුමාරිකාවට දීලා එයාගෙ ගමට යනවා.
Willow ගෙදර ආවට පස්සෙ එයා හිතුවත් මේ හැමදේම ඉවර උනා කියලා ඒත් එහෙම උනේ නෑ. Willow හීනෙන් භයානක දේවල් දකින්න පටං ගත්තා. එයා තේරුම් ගත්තා මේක ආයෙත් දවසක පටන් ගන්නවා කියලා. මේ ගැන සෝශත් දැනං හිටිය.
ඒ නිසා අනාගත රැජිනට හානියක් වෙයි කියන භයෙන් එයාගෙ අනන්‍යතාව හැංගුවා. කවුරුත් එයා කොහෙද කියලා දන්නෙ නෑ. ඇත්තටම එයාවත් දන්නෑ එයා අනාගත රැජින කියලා. ඒත් මිනිස්සු විශ්වාස කලා දවසක එයා එනව කියලා.
එයා කොහේ ඉන්නවා ඇතිද? මොනව කරනවා ඇතිද? ඉස්සරහට එන නපුරු බලවේගවලින් අනිත් අයව ආරක්ශා කරන්න එයාට පුලුවන් වෙයිද?
323 Views
Comments