අභ්‍යවකාශයේ ජීවත්වෙන්න යන මාළුවා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

අභ්‍යවකාශයේ ජීවත්වෙන්න යන මාළුවා

අභ්‍යවකාශයේ ජීවත්වෙන්න යන මාළුවා

චීනය විසින් උඩු ගුවනේ කක්ෂගත කර තිබෙන ටියැන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත Danio rerio විශේෂයට අයත් Zebrafish මත්ස්‍යයෙකු යැවීමට සූදානම් කර ඇත.



මෙය කුඩා සහ සංවෘත පරිසර පද්ධතියක් තුළ මත්ස්‍යයින් සහ ක්ෂුද්‍ර ජීවීන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය පිළිබඳ කෙරෙන පර්යේෂණයක කොටසකි.



පසුගිය ජූලි 11 වෙනි දින ෂැංහයි වල Guancha.cn වෙබ් අඩවිය වාර්තා කළ පරිදි මේ අධ්‍යයනය අභ්‍යවකාශගාමීන්ගේ අස්ථි ක්ෂය වීම සම්බන්ධ පරීක්ෂණවලට ද ආධාරයක් වනු ඇත.



මෙය අභ්‍යවකාශයට මත්ස්‍යයින් යවන පළමු අවස්ථාව නොවේ. මෙයට පෙර 2012 වසරේදී NASA ආයතනය මඟින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ජපානයට ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂයක් යවා තිබේ.

views

391 Views

Comments

arrow-up